ජනපතිගෙන් කළ ඉල්ලීම් ඉටු නොවූ නිසා සජිත් රංජන් වෙනුවෙන් අලුත් අරගලයක

sajith premadasa

දූෂණයට මර්දනයට අසාධාරණයට එරෙහිව නිරන්තර අරගල කළ මානව හිතවාදී ජනතා නියෝජිතයෙකු වන රන්ජන් රාමනායක මහතාට සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහිතව නිදහස ලබා ගැනීම වෙනුවෙන් වූ අරගලය නව වටයකින් මේ වසරේ දී යළි ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය පූර්ණ වශයෙන් කැපවන බවත්, තම පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් මුල් කොටගෙන එම අරගලය ආරම්භ වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් තමන් පුනපුනා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළ බවත් ඒ බොහෝ අවස්ථාවල සුබවාදී ප්‍රතිචාර වාචිකව හිමි වූ බවත් පැවසූ විපක්ෂ නායකතුමා , කණගාටුවට කරුණ වන්නේ අද වනතුරු එය ප්‍රායෝගිකව ඉටු ඉටුනොවීම යැයිද පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීම සඳහා අද (03) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අතර රංජන් රාමනායක මහතා හමුවීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මේ අදහස් පැවසීය.

Exit mobile version