ජනතා බලයට ඇහුම්කන් නුදුන් මේ සටකපට මාලිගා කුමන්ත්‍රණය උපතේදීම මළගම සනිටුහන් කරගන්නවා.

අනුර කුමාර දිසානායක කියයි...

ජනතා මතයට ඇහුම්කන් නොදී මේ කරන  මාලිගා කුමන්ත්‍රණ රටේ ජනතාව පිළිනොගන්න බවත් මේ කුමන්ත්‍රණ පාලනය උපතේදීම එහි මළගම සනිටුහන්වන බවත්  ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමි සමග කළ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමිනි.

රටේ ජන මතය පිළිබඳව  කිසිදු අවබෝධයක් හෝ තැකීමක් නොකරමින් රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය රාජපක්ෂ මෙම ආණ්ඩුව පිහිටුවන්නේ එකිනෙකා ගලවා ගැනීමට බවත් ඉතිහාසයේ සෑම කලකම    රනිල් වික්‍රමසිංහ රජපක්ෂලාගේ ගැලවුම්කරු වූවා සේම රාජපක්ෂලාත් රනිල් වික්‍රමසිංහගේ  ගැලවුම්කරු ලෙස ක්‍රියාකළ බව පෙන්වා දුන්නේය.

“ජනතාව  තමන්ගේ පීඩාව එක දිගට කියා සිටිය දී ඒ  කිසිවකට ඇහුමක් නොදී ගෝඨාභය හා රනිල් අරන් ඇති මේ විසඳුම විශ්වාස කරන්නෙ දෙන්නයි. “


“ ගෝඨාභය විශ්වාස කරනවා රනිල්. රනිල් විශ්වාස කරනවා ගෝඨාභය. එච්චරයි. මේ සටකපට මාළිගා කුමන්ත්‍රණ මේ රටේ ජනතාව පිළිගන්නෙ නෑ.

ඔවුන් තේරුම් ගත යුතුයි ජනතා බලයට ඇහුම්කන් දෙන්න. මේ  දේශපාලන කුමන්ත්‍රණයේ මළගම උපතේදීම සටහන් වෙනවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනුර කුමාර දිසානායක කීවේය.

Exit mobile version