බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනගහණ  පාලනයෙන් අමාරැවේ වැටී දඟලන චීනය…

by editor
මාර්තු 30, 2022
in පුවත්
china

Share on FacebookShare on Twitter

චීනය විසින් පසුගිය වසරේ(2021) නිකුත් කරන ලද නවතම ජන සංගණන දත්ත මගින් උපත් අනුපාතයේ දැඩි පහත වැටීමක් අනාවරණය කිරීමෙන් අනතුරුව, පවුලකට දරුවන් තිදෙනෙකු හදා ගැනීමට අවසර දීමට එරට රජය පියවර ගෙන තිබේ. චීනය විසින් සිය දශක ගණනක් පැරණි ‘එක් දරු ප්‍රතිපත්තිය‘ 2016 දී අවලංගු කර දරුවන් දෙදෙනකු හදාවඩා ගැනීමට මාපියන්ට අවසර ලබාදුන්නේය. එහෙත් නව නීතිය මගින් ද බලාපොරොත්තු වූ පරිදි දරු උපත් ඉහළ නැංවීමට අසමත් වීම සමග මෙම නව තීන්දුව ගෙන ඇති බව පැවසේ. මෙම නීතිය ජනාධිපති ෂී ජින් පිං විසින් දේශපාලන මණ්ඩල රැස්වීමකදී අනුමත කළ බව චීන රාජ්‍ය මාධ්‍ය සඳහන් කර ඇත.

“අපේ රටේ ජනගහන ව්‍යුහය වැඩිදියුණු කිරීමටත්, වයස්ගත ජනගහනයක් සමඟ ක්‍රියාකාරීව කටයුතු කිරීමටත්, මානව සම්පත්වල වාසිය පවත්වා ගැනීමටත් උපකාරී වන ආධාරක පියවරයන් සමඟ මෙම නිතිය පැමිණෙනු ඇති” බව චීනයේ ෂින්හුවා පුවත් සේවය සඳහන් කර තිබේ.

කෙසේවෙතත් සමාජ මාධ්‍යවලට අනුව චීන රජයේ නව තීරණය පිළිබඳව චීන ජාතිකයින් අතර එතරම් උනන්දුවක් දැකගත නොහැකි වේ. මයික්‍රො බ්ලොග් අඩවියක් වන වීබෝහි එක් සමාජ මාධ්‍ය පරිශීලකයෙක් පවසා ඇත්තේ “අපට දරුවන් තිදෙනෙකු සිටිය හැකියි. නමුත් ගැටලුව වන්නේ මට එක් දරුවෙකු පවා අවශ්‍ය නොවීමයි‘’ යනුවෙනි.

බොහෝ යෞවනයන් දැනටමත් තමන් ගැන සැලකිලිමත් වීම‍ට පමණක් යොමුව ඇති අතර වෙහෙසකර පවුල් ජීවිත පිළිබද කණස්සල්ල පළකරන බව බීබීසීයට අදහස් ප්‍රකාශ කර ඇති බීජිංහි කාන්තාවක් ප්‍රකාශ කර තිබිණ. දරුවෙකු ඇති දැඩි කිරීමේ “නිරන්තර කරදරවලින් තොරව” ජීවිතය ගත කිරීමට තමාට අවශ්‍ය බව ඇය තවදුරටත් පවසා තිබිණ. මෙම මනෝභාවය වෙනස් කිරීම සඳහා, දරුවන් නොමැතිකමට වඩා ‘මාපියත්වය’ ඔවුන්ගේ අයිතිවාසිකම් සහ ජීවන තත්ත්වය වැඩිදියුණු කරන බව තරුණ කාන්තාවන්ට වටහා දීමට රජය පියවර ගත යුතු බව කීර්තිමත් ලේඛකයෙකු සහ ස්වාධීන විචාරකයකු වන ෂෙන් ජියැක් පෙන්වාදෙයි. එසේ නොවුවහොත් මාපියත්වය පිලිබඳ ප්‍රබල හැඟීමක් නොමැති චීනයේ මීළඟ පරපුර ‘මානවීය ගුණාංග’ අතින් ඉතාම දිළිඳු වන්නට වැඩි ඉඩක් පවතින බවද මහාචාර්යවරයා සඳහන් කරයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මීට අමතරව අදවන විට චීනයේ විවාහයට වඩාත්ම වැදගත් බාධාව වී ඇත්තේ තරුණ පරම්පරාව අතර විවාහ වීමට ඇති අකමැත්තයි. පළාත් සංඛ්‍යාලේඛනවලට අනුව, ජියැන්ග්සු පළාතේ විවාහ අනුපාතය අඛණ්ඩව 5 වන වසර සඳහාත් 5% ක අගයකින් අඩු වී තිබෙන බවයි සඳහන් වෙයි. මෙම අකමැත්තට හේතු වී ඇත්තේ දරුවන් ලැබීමට සහ විවාහ වීමට සඳහා වැයවන අධික වියදමයි. ‘සවුත් චයිනා මෝනින් පෝස්ට්’ පුවත්පත පෙන්වා ආකාරයට, විශේෂයෙන් වර්ෂ අනූව දශකයේ අගභාගයේ සහ වර්ෂ දෙදහසෙන් පසු උපන් පරම්පරාව නියෝජනය කරන වර්තමාන තරුණ චීන කාන්තාවන් විවාහය කෙරෙහි දක්වන්නේ අඩු උනන්දුවකි.

මෙම තත්වය කෙතරම් දුරට වර්ධනය වී ඇත්දැයි කිවහොත්, කාන්තාවන් සහ පිරිමින් මාර්ගගත ක්‍රමය ඔස්සේ හමුවීමට අනුග්‍රහය සලසා දීමට චීන කොමියුනිස්ට් පක්ෂයට සිදුව ඇතැයිද වාර්තා අනාවරණය කරයි. මීට අමතරව, හෙබෙයි වැනි පළාත්වල මංගල යෝජනා සපයන “matching spot” පිහිටුවා ඇති අතර මනාළ මනාළියන් ගැළපීම සඳහා ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් ලියාපදිංචි කිරීමේ අයදුම්පත් බෙදා හැර ඇතැයි වාර්තා සඳහන් කරයි. කෙසේවෙතත් මාතෘ දීමනා ලබා දීම, විශේෂිත ව්‍යවසායක පුහුණුව, ව්‍යාපාර මූල්‍යකරණය මෙන්ම රජයේ රැකියා සඳහා ප්‍රමුඛතාවය ලබාදීම ඇතුළු වරප්‍රසාද ලබාදෙමින් රැකියා විරහිත පිරිමින් සමඟ විවාහ වීමට කාන්තාවන් පොළඹවා ගැනීමට රජය උත්සාහ ගන්නා බවටද, එම උත්සාහයන් ඉතාම නින්දා සහගත වූවක් බවටද බාහිර ලෝකයෙන් මෙන්ම චීන සමාජය තුළින්ද චෝදනා නැගී තිබේ.

මේ කුඩා උදාහරණ කිහිපයක් පමණකි. මෙලෙස ජනගහන පාලන ප්‍රතිපත්ති දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට යෑම නිසා අද වන විට වයස් සහ ස්ත්‍රී-පුරුෂ භේදයන්ට අනුව චීනයට මානව සංයුතියේ වෙනස්කම් රැසකට මුහුණදීමට සිදුව ඇති බව දැකගන්නට ලැබේ.
චීනයේ මෙම අවිධිමත් ජනගහන පාලන ප්‍රතිපත්තිය හේතුවෙන් දැන් නැවතත් අලුත්ම අර්බුදයක් නිර්මාණය වෙමින් පවතී. එනම්, රටේ ශ්‍රම බලකායේ විශ්‍රාම යෑමේ වයස බලහත්කාරයෙන් දීර්ඝ කිරීමට පියවර ගැනීම නිසා චීන සමාජය නැවත වතාවක් නොසන්සුන්තාවට පත්වෙමින් තිබීමයි. ලොව බොහෝ රටවල් විසින් කුරිරු යැයි හඳුන්වාදෙන ‘චීනයේ එක් දරුවෙක් පමණක්’ යන ප්‍රතිපත්තිය උපයෝගී කරගනිමින්, සිය රජයේ සේවකයින්ගේ විශ්‍රාම යෑමේ වයස ප්‍රමාද කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂය මෙලෙස කටයුතු කරමින් සිටියි.

කෙසේවෙතත් සිය සැලසුම සාධාරණීකරණය කරමින් කොමියුනිස්ට් පක්ෂය පෙන්වාදී ඇත්තේ විශ්‍රාම වැටුප් සඳහා වන රාජ්‍ය වියදම් වැඩි වීම මෙලෙස විශ්‍රාම යෑමේ වයස ප්‍රමාද කිරීමට හේතුව බවයි. මේ නිසා ලබන මාර්තු 1 වැනිදා සිට නව විශ්‍රාම වැටුප් නීතිය ක්‍රියාත්මක කරන බව කොමියුන්ස්ට් පක්ෂය නිවේදනය කර තිබේ. පසුගිය වසරේ දෙසැම්බර් 30 වැනි දින චීන කොමියුනිස්ට් පක්ෂයේ රාජ්‍ය කවුන්සිලය විසින් නිකුත් කරන ලද “ජාතික වයස්ගත සංවර්ධන සහ වැඩිහිටි සත්කාර සේවා පද්ධතිය සඳහා වූ 14 වැනි පස් අවුරුදු සැලැස්මේ” ප්‍රතිඵලයක් ලෙස මෙම නව නිතිය ක්‍රියාත්මක කරනු ලැබෙයි.

කෙසේවෙතත් සිඩ්නි තාක්ෂණ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු සහ චීනය පිළිබඳ විශේෂඥයෙකු වන ෆෙන්ග් චොන්ග්යී පෙන්වාදෙන්නේ චීනය මෙම නිතිය ක්‍රියාත්මක කිරීමට එකම හේතුව රටට අවශ්‍ය තරමින් මුදල් නොමැතිකම බවයි. පළාත් පාලන ආයතන විසින් සපයාදෙන අදායම්, විශ්‍රාම වැටුප් වෙනුවෙන් ප්‍රමාණවත් නොවන බැවින් මධ්‍යම රජයට මෙලෙස ජනප්‍රිය නොවන තීරණයකට ගමන් කිරීමකට සිදුව ඇති බව මහාචාර්ය ෆෙන්ග් Epoch Times වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසා .ඇත. මෙම ප්‍රතිපත්තිය 2013 වසරේ සිට දීර්ඝ කාලයක් පැවැති නමුත් එය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වූයේ ශ්‍රම බලකාය ඊට දැඩි විරෝධයක් දැක්වූ නිසා බව චීන ඩිජිටල් වේදිකාවක් වන Tencent.com පෙන්වා දෙයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ පවුල් සැලසුම්කරණය නීතිය ‘ස්වාභාවික ජනගහන වර්ධන නීතිය’ විනාශ කර ඇති බවත්, එය චීනයේ පිරිමි සහ කාන්තා ජනගහනයේ අසමතුලිතතාවයට හේතු වූවා පමණක් නොව, ශ්‍රම බලකාය සැපයීමට ද බෙහෙවින් බලපා ඇති බවත්, චීනය වයස්ගත සමාජයක් බවට පත් කර ඇති බවත් මහාචාර්ය ෆෙන්ග් පෙන්වා දෙයි.

මෙම නව විශ්‍රාම යෑමේ වයසට අදාළ නිතිය ක්‍රියාත්මක කිරීමත් සමගම චීන කොමියුනිස්ට් පක්ෂයට තවත් ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවී තිබේ. එනම් මහලු පුද්ගලයන්ට විශ්‍රාම යෑමට නොහැකි විමට සමගාමිව, තරුණ ප්‍රජාවට පවතින රැකියා අවස්ථා සීමාසහිත වෙමින් පැවතීමයි. මේ නිසා සෑම වසරකම මිලියන ගණනක් උපාධිධාරීන්ට රැකියා නොමැතිව ලතවිමට සිදුවීමට අනිවාර්ය වීම වැලක්වීමට චීන බලධාරීන්ට නොහැකිවනු ඇත. මෙලෙස චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, මූල්‍ය බලපෑම්වලට මුහුණ දීම සඳහා විශ්‍රාම ගැනීම ප්‍රමාද කිරීම සිය අවසාන විසඳුම ලෙස තෝරාගෙන ඇති බවත්, මෙම මූල්‍ය බලපෑම් හේතුවෙන් අනාගතයේදී සිවිල් නොසන්සුන්තාවක් ඇතිවීමට ඉඩ පවතින බවත් මහාචාර්යවරය ෆෙන්ග් චොන්ග්යී වැඩිදුරටත් අනතුරු අඟවා ඇත.

Share69Tweet43
Previous Post

මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය අනිද්දා සිට මන්ත්‍රී පවුල්වලටත් විවෘත වේ…

Next Post

ඇමරිකානු හඩ නිහඩ කළාට තලේබාන්වරැන්ට තෑග්ගක්

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.