බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනක බණ්ඩාරගේ මිනී මැරම් නඩුව විසිවේ…

by editor
නොවැම්බර් 20, 2020
in පුවත්
Share on FacebookShare on Twitter


අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් එරෙහිව නීතිපතිවරයා විසින් 1999 වසරේ සිදුවූ මිනිස් ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් ගොනු කරනු ලැබූ අධිචෝදනා පත්‍රයක් නීතියට පටහැනි යැයි තීන්දු කළ අභියාචනාධිකරණය එය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළේය.
අධිකරණය හමුවේ ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම් මඟින් සඳහන් කර තිබුණේ, 1999 වසරේ මහවෙල ප්‍රදේශයේ ඇති වූ මිනීමැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2015 වසරේ දී බලයට පත් යහපාලන රජය විසින් තමන්ට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රයක් ගොනු කළ බවය.
නීතිපතිවරයා විසින් එම අධිචෝදනා පත්‍රය ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
අභියාචනාධිකරණය සභාපති විනිසුරු නවාස් එම පෙත්සමට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පෙත්සම්කරුට එරෙහිව මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය පවත්වා තිබෙන ලඝු නොවන නඩු විභාගය නිත්‍යානුකූල නොවන බව සඳහන් කළේය.

නඩුවට අදාල සිද්ධිය පෙළ ගැසෙන්නේ මෙසේය.

ජනක බණ්ඩාර තෙන්නකෝන් රෝග කීපයකින් පීඩා විඳිමින් සිටි අයෙකි. කලක්‌ තිස්‌සේ වරින්වර හෘද රෝග හේතුවෙන් බයිපාස්‌ සැත්කම්  කීපයක්, පිළිකා රෝගී තත්වයක්,  එසේම ආඝාත තත්ත්වයක්‌ නිසා මතුවන සංකූලතා නිසා ඔහු කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියේය.  දිනය 2015. 11.06 දාය. හදිසියේම රෝහලට පැමිණි රහස් පොලිස් නිලධාරීන් වසර 16ක් පරණ මිනී මැරුම් චෝදනාවක් මත ජනක  බණ්ඩාර තෙන්නකොන් අත්අඩංගුවට ගන්නට උත්සාහ කළේය.

ඒ අවස්ථාවේදී පවුලේ සමාජිකයෝ මේ අත්අඩංගුවට ගැනීමට එරෙහි වූහ. රෝහල වටා මුර යොදා තිබිණි. පවතින තත්වය මත ඔහුව අත්අඩංගුවට ගෙන පිටතට ගෙනයෑමට නොහැකි බව විශේෂඥ වෛද්‍යවරු කීහ. එම නිසා අත්අඩංගුවට ගත්තද එම රෝහලේම තෙන්නකෝන් මහතා රඳවා තබන්නට රහස්‌ පොලීසියට සිදුවිය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ අතර පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර සිය අත්සනින් යුතුව එදිනම නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්‌වුණේ 1999 දෙසැම්බර් මස 14 වන දින දිඹුල්ගමුව ප්‍රදේශයේ වෙඩිතබා පුද්ගලයකු ඝාතනය කිරීමේ හා තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්‌ෂණයක්‌ සිදුකළ බවත් එම විමර්ශනයට අදාළව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතාට දැනුම් දී තිබුණු බවය.  

කෙසේ වෙතත් ජනක බණ්ඩාර  තෙන්නකෝන්  අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී නොසිට, කොළඹ පිහිටි එක්‌තරා පෞද්ගලික රෝහලක ඇතුළත්ව සිටියදී එදින සවස 3.30 ට පමණ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහු එකී ඝාතනය සම්බන්ධයෙන් අදාළව සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් විය.

මේ අතර පසුදා   නාරාහේන්පිට ලංකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ජනක බණ්‌ඩාර තෙන්නකෝන්   වෙත ගිය කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය   මන්ත්‍රීවරයා ඔක්‌තෝබර් 20 වැනි දින තෙක්‌ රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කෙළේය. මහෙස්‌ත්‍රාත්වරයා සමඟ අධිකරණ වෛද්‍යවරයා මෙන්ම බන්ධනාගාර වෛද්‍යවරයාද රෝගියා පරීක්‌ෂා කරන ලදී. එම වෛද්‍යවරුන්ගේද අදහස වී ඇත්තේ මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය අනුව ඔහුට රෝහලක නේවාසිකව අඛණ්‌ඩ වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු බවය.

පොලිසිය පවසන අන්දමට 1999 දෙසැම්බර් 14 දින මාතලේ දිඹුල්ගමුව යන ස්‌ථානයේදී දේශපාලන පක්‌ෂ දෙකක ආධාරකරුවන් අතර සිදුවූ ආරවුලක්‌ අතරදී වෙඩි තැබීමක්‌ හේතුවෙන් ඒ. ඩී. තිලක්‌ කුමාර යන අය ඝාතනය වී ඇති අතර, එච්. එම්. චමින්ද සම්පත් කුමාර යන අයට බරපතල තුවාල සිදුවීම සම්බන්ධයෙන් මහවෙල පොලිස්‌ ස්‌ථානය මඟින් මූලික විමර්ශනයක්‌ සිදු කර මාතලේ මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇත.

අදාළ සිද්ධියේදී සැකකාර ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා “තට්‌ට රූපේ වෙඩි තියපන්“  යනුවෙන් පැවැසූ බවට ප්‍රධාන සාක්‌ෂි 3ක්‌   ඉදිරිපත් වී තිබෙන බවද රහස්‌ පොලිසිය අධිකරණය වෙත වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් කීවේය.

මේ සම්බන්ධයෙන් මහවෙල, දඹහිටියාව, පල්ලදෙණිය පදිංචි සමරකෝන් සමරසිංහ නමැති අය 1999 දෙසැම්බර් 01 වැනිදා රහස්‌ පොලිසිය වෙත කළ පැමිණිල්ලක්‌ සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය පොලිස්‌පතිවරයාගේ නියෝග පරිදි පරීක්‌ෂණ පවත්වා තිබුණු බව පැවසුනේය.

අනතුරුව පොලිස්‌පතිවරයාගේ නියෝග පරිදි අදාළ අපරාධය සම්බන්ධයෙන් විමර්ශනයක්‌ සිදුකළ බවත්, එහිදී ප්‍රධාන සාක්‌ෂි 3ක්‌ සටහන් කරගත් බවත් රහස්‌ පොලිසිය අධිකරණය කීවේය.

මේ අපරාධය සම්බන්ධයෙන් මහවෙල පොලිස්‌ ස්‌ථානය මඟින් සිදු කරන ලද විමර්ශනයේ උධෘත නීතිපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව ලද උපදෙස්‌ පරිදි හේරත් මුදියන්සේලාගේ රූපසිංහ නොහොත් තට්‌ට රූපේ යන අයට එරෙහිව මාතලේ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ එන්.එස්‌. 9293 යටතේ ලඝූ නොවන නඩු කටයුත්ත පවත්වා එම සැකකරුට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීමට ක්‍රියාකර ඇතැයි රහස්‌ පොලිසිය පැවසුවේය.

තවද මේ අපරාධ සිද්ධිය සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය විසින් සිදුකරන ලද විමර්ශනයේ උධෘත නීතිපතිවරයා වෙත යොමුකර, උපදෙස්‌ විමසා සිටි බවත්, ඒ අනුව තෙන්නකෝන් මුදියන්සේලාගේ ජනක බණ්‌ඩාර තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර, ලඝූ නොවන නඩු විභාගයක්‌ ආරම්භ කරන ලෙසට නීතිපතිවරයා උපදෙස්‌ ලබාදී ඇතැයිද රහස්‌ පොලිසිය අධිකරණයට  දැන්වුවේය.

 මේ අතර  මේ මිනීමැරුම් චෝදනාව දේශපාලන පලිගැනීමක්‌ බවත් මන්ත්‍රීවරයා 1999 දෙසැම්බර් 14 දින දවස පුරා වෙනත් ස්‌ථානයක සිටි බවත් ඊට සාක්‌ෂි පවා ඇති බවත් මන්ත්‍රීවරයාගේ පාර්ශවය  කීවේය.

කෙසේ වෙතත් රහස්‌ පොලිසිය මගින් මෙසේ ජනක බණ්‌ඩාර තෙන්නකෝන්  අත්අඩංගුවට ගැනීම ඒ වකවානවේ දේශපාලන අංශවල දැඩි කතාබහට ලක්‌ව තිබිණි .  

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රවීන රංගන ශිල්පි විල්සන් කරූ අත්අඩංගුවට

Next Post

මාලිංග එල්.පී.එල්. ගහන්න බැහැ කියපු හේතුව මෙන්න

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.