ජංගම වෙළන්දන්ට බලපත්‍ර දීමට පෙර පී.සී.ආර්. කරන්න. පී.එච්.අයි ලා ඉල්ලති

ජංගම වෙළෙඳුන්ට භාණ්ඩ අලෙවිය සඳහා අවසර පත් ලබා දීමට පෙර පීසීආර් වාර්තාවකින් එම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු නොවන බව තහවුරු කර ගන්නා මෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ඉල්ලීමක් කරයි.

එසේ නොවුණහොත් ජංගම වෙළද පොකුරක් බිහිවීමේ බරපතල අවදානමක් රටතුල නිර්මාණය විය හැකි යැයිද  සංගමය පෙන්වාදේ.

ජංගම වෙළෙඳුන් සෑම ප්‍රදේශයකම සිය වෙළඳාම් කටයුතු කරන බැවින් යම් විටක රෝග කාරක වයිරසය  ආසාදනය වී රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයෙකු බවට වෙළෙන්දෙකු පත් වුවහොත් ඔහු රෝග වාහකයෙකු ලෙස ක්‍රියා කිරීමට බොහෝ දුරට ඉඩඇති බව සංගමයේ සභාපති උපුල් රෝහණ  සඳහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජංගම වෙළදුන්ට ආරක්ෂිත ඇදුම් කට්ටලයකින් සැරසීම අනිවාර්ය කලද ඇතැම් වෙළෙදුන් එවැනි නීති රීති පිළිපදින බවක් පෙන්නුම් නොකරන බවද ඔහු පෙන්වා දෙන අතරම ජංගම වෙළදුන්ගේ වාහන අසලට භාණ්ඩ මිලදී ගැනීමසදහා පැමිණෙන පාරිභෝගිකයින්ද ඇතැම් විටක සෞඛ්‍ය ආරක්ෂිතව නොපැමිණීම හේතුවෙන් ජංගම වෙළෙන්ද රෝග වාහකයෙකු වන්නේ නම් පාරිභෝගිකයාට වයිරසය ආසාදනය විය හැකි බව උපුල් රෝහණ මහතා පෙන්වාදේ

 

Exit mobile version