ජංගම දුරකතන ඇතුළු භාණ්ඩ ගණනාවක් ආනයනය සීමා කරන්න රජය සැරසෙයි!

imported items

අත්‍යවශ්‍ය නොවන යැයි සැලකෙන සහ සුඛෝපභෝගී භාණ්ඩ ගණනාවක් ආනයනය කිරීම දැඩි ලෙස සීමා කිරීමට රජය තීරණය කර ඇති බව සිලෝන් ටුඩේ පුවත්පත අද (03) වාර්තා කර තිබේ.

ආනයනය නතර කිරීමට රජය සැලසුම් කර ඇති භාණ්ඩ අතර ජංගම දුරකථන, රූපවාහිනී, ශීතකරණ, විදුලි උපකරණ කිහිපයක්, සුවඳ විලවුන් සහ ඒ හා සමාන භාණ්ඩ ඇතුළත් බව එම පුවතෙහි සඳහන් වේ.

රට තුළ පහත වැටෙමින් ඇති විදේශ සංචිත ශක්තිමත් කිරීම මෙන්ම දේශීය වෙළෙඳපොළ තුළ දේශීය ව්‍යාපාරිකයින්ට අවස්ථාවක් ලබා දීම පිළිබඳව රජය බරපතල ලෙස සලකා බලමින් සිටින බැවින් මෙම පියවර ගැනීමට අවධානය යොමුවී ඇතැයි එම වාර්තාවේ දැක්වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විදේශීය සංචිත ශක්තිමත් වූ පසු මෙම පියවර ලිහිල් කරන බව එහි සඳහන් ය.

Exit mobile version