ඡන්දයට මුදල් දීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව ක්‍රියා කිරීම නවත්වන්න  – රාජ්‍ය ඇමති ෂෙහාන් නි.කථානායකගෙන් ඉල්ලයි

election

2023 වසරේ අයැවැයෙන් වෙන් කරන ලද මුදල් රඳවා ගැනීම ට එරෙහිව පසුගිය 2023 මාර්තු 03 වැනි දින  ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  නිකුත් කරන ලද අතුරු නියෝගයෙන්  සම්බන්ධයෙන්  මේ වනවිට පාර්ලිමේන්තුවට යොමුව ඇති වරප්‍රසාද ගැටලුවට අදාළව  පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වන තෙක් , ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු නියෝගය අනුව කටයුතු කිරීම බරපතළ වරදක් බව පැවසූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ  එම නියෝගය අනුව ක්‍රියා නොකරන ලෙස සියලුම රාජ්‍ය ආයතනවලට නියෝග කරන ලෙස    අද  (10) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත  මතුකළ වරප්‍රසාද ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සාක්ෂි විමසීම අවසන් වන තුරු පළාත් පාලන මැතිවරණයට අදාළ අතුරු නියෝගය සම්බන්ධයෙන් වැඩිදුර කටයුතු හෝ ක්‍රියාමාර්ග නොගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දෙන ලෙස ඔහු නියෝජ්‍ය කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවයි

Exit mobile version