සමන්තිකා වීරවර්ධන –
කෙරෝනා මර්දනය සඳහා චීනයේ නිෂ්පාදනය කර තිබෙන සිනෝෆාම් එන්නතක මිල ඇමරිකානු ඩොලර් 65ක් පමණ බැවින් එය අපේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් මර්දන පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සඳහන් කරයි.
ඇස්ට්‍රාසෙනිකා එන්නත සදහා රජය වැය කරනුයේ ඇමරිකානු ඩොලර් 5.2ක මුදලක්වන අතර මිලදී ගන්නේ නම් එම එන්නතම මිලදී ගැනීමට අවධානය යොමුකිරීම වැදගත් බවද ඇය පෙන්වාදේ.
කෙසේ නමුත් චීනයේ නිෂ්පාදනය කර ඇති සෙනොෆාම් එන්නතතේ මාත්‍රා ලක්ෂ 6ක ප්‍රමාණයක් මේ වන විට ප්‍රදානයක් ලෙස මෙරටට ලැබීමට නියමිත යැයිද ඇය සඳහන් කළාය.
කෙසේ නමුත් මෙම එන්නත මෙරට ජනතාවට ලබා දෙන්නේ ද එය ලබාදෙන්නේ කෙසේද යන්න පිලිබඳව මෙතෙක් කරුණු අනාවරණය වී නැතැයි ද රාජ්‍ය ඇමතිනිය සදහන් කළාය.