අභ්‍යාවකාශගත කළ චීන රොකට්ටුවක විශාල කොටසක් පාලනයෙන් ගිලිහී හෙට (09) අළුයම 2.52කට පමණ පෘතුවි වායුගොලයට ඇතුළු වනු ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයීය භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය චන්දන ජයරත්න පැවසුවේය.
රොකට්ටුවේ කොටස ඇදවැටෙනු ඇත්තේ කොතැනටදැයි අනාවැකි පලකිරීම අතිශයින් දුෂ්කර වුවත් එය පැසිෆික් සාගරයට පතිතවනු ඇතැයි මහාචාර්යවරයා කීවේය.
ඇදවැටෙන කොටසේ දිග මීටර 30ක් පමණවන අතර බර කිලෝග්‍රෑම් දෙදහස ඉක්මවයි. මෙසේ පතිත වන්නේ ලොන්ග් මාර්ච් 5 බී ( Long March 5B) ප්‍රධාන බූස්ටරයයි.
එම රොකට්ටුව අප්‍රේල් මස 29 දින චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානයවන ටින්ගොන් -3 හි දී අභ්‍යාවකාශගත කෙරිනි.