චීනයේ මූල්‍යාධාර ලබන චීන-පකිස්තාන ආර්ථික කොරිඩෝව යටතේ, පකිස්තාන කාශ්මීරය හෙවත් අසාද් කාශ්මීරයේ ක්‍රියාත්මක බලශක්ති ව්‍යාපෘතියක් සදහා සිදුකර ඇති බදු පැනවීමක් හේතුවෙන් එම ව්‍යාපෘතියේ අනාගතය පිළිබද ගැටලුවක් මතුව ඇතැයි වාර්තා වේ.
මෙගාවොට් 1,124 ක ජලවිදුලි ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තුවට අසාද් කාශ්මීර පාලනය විසින් 1% ක ස්ථාවර බද්දක් පනවා ඇති අතර චීන සමාගම එම බද්ද ගෙවීම ප්‍රතික්ෂේප කර ඇති බව සදහන් වේ.
මෙම ගැටලුව වහාම විසඳන ලෙස අදාළ චීන සමාගම පාකිස්තාන මධ්‍යම රජයෙන් ඉල්ලා ඇති අතර ප්‍රශ්නය විසඳා නොගතහොත්, චීනය මෙම ව්‍යාපෘතිය අත්හැර දැමීමට කටයුතු කරනු ඇති බවට ද වාර්තා පළවී තිබේ.
මේ අතර ඉන්දියාව මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දිගින් දිගටම විරෝධය පළකරන්නට පටන් ගෙන ඇති අතර ඊට හේතුව ලෙස සදහන් කර ඇත්තේ මෙම ව්‍යාපෘතිය මගින් ඉන්දියාවේ ස්වෛරීභාවයට බලපෑම් ඇති කරන බවයි.