වර්තමානයේ පවතින ගෝලීය ආතතීන් තව දුරටත් උත්සන්න කරන ආකාරයේ කෝප ගැන්වීමේ ක්‍රියාකාරකම්වලින් මේ මොහොතේ රටවල් වැලකී සිටිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.
අද චීන තානපති කුයි සෙන්හොන්ග් හමුවීමෙන් පසුව සිට නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ රට රටවල අන්‍යෝන්‍ය ගෞරවය සුරැකිය යුතු අතරම රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම සාමකාමී සහයෝගීතාවයට වැදගත් පදනමක් වු ඇති බවය.
ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කරන්නේ තමන් චීන තානාතිවරයා සමඟ අද දින සිදු කළ සාකච්ඡාවේදී තමන් චීන රජයේ එක් චීනයක් ප්‍රතිපත්තියකට සම්පූර්ණයෙන්ම එකඟත්වය සහ කැපවීමක් දක්වන අතරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ දේශ සීමා ඒකාග්‍රතාව සම්බන්ධයෙන් වන ප්‍රඥප්තියේ මූලික ප්‍රතිපත්ති වෙනුවෙන්ද කැප වන බවය.
During a meeting with H.E. Qi Zhenghong, Ambassador of China, I reiterated Sri Lanka's firm commitment to the one-China policy, as well as to the UN Charter principles of sovereignty and territorial integrity of nations. (1/2)
— Ranil Wickremesinghe (@RW_UNP) August 4, 2022
චීන තානපතිවරයා ශ්‍රි ලංකා ජනාධිපතිරයා හමුව ඇත්තේ චීනයේ මතභේදාත්මක චන්ද්‍රිකා නිරීක්ෂණ නෞකාවක් මෙම මාසය තුළ හම්බන්තොට වරායට ඇතුළු වීම සම්බන්ධයෙන් ඉන්දියාව සෘජුවම ජනාධිපතිවරයා වෙත සිය කණස්සල්ල ප්‍රකාශ කර ඇති පසුබිමක් තුළය.
Discussion about this post