චීනය, ටිබෙටය යටත් කර ගැනීම ඉන්දියාවට දිගුකාලීන දුෂ්කරතා මතු කළත් ටිබෙටයේ අනාගතය වෙනුවෙන් චීන හා ටිබෙට් නායකයින් අතර සාකච්ඡා පැවැත්වීමට ඔවුන් යොමු කිරීමට ඉන්දියාවට හැකිවෙනු ඇතැයි චීනයේ හිටපු ඉන්දීය තානාපති නිරූපමා රාඕ පවසයි.
ඇගේ කෘතියක් The Fractured Himalaya: India, Tibet, China 1949-62 සම්බන්ධයෙන් කතා කිරීමට වීඩියෝ සාකච්ඡාවක් හා එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
විදේශගතව සිටින ටිබෙට් ජනතාව හා චීන ජාතිකයින් අතර සකාච්ඡා පැවැත්වීම වෙනුවෙන් කටයුතු කරන්නට ඉන්දියාවට හැකියාව ඇතැයි තමා විශ්වාස කරන බව ඇය පවසයි.
“මම හිතන්නේ ඉන්දියාව හා එක්සත් ජනපදය, අපි අනිවාරයෙන්ම ඒ ගැන අවධානය යොමු කරන්න ඕනේ. මොකද දෙරටේ අදහස් හුවමාරු කර ගැනීමෙන් ප්රතිපත්ති ගැන අවධානය යොමු කිරීමෙන් ටිබෙට් ජනතාවගේ අනාගතය සම්බන්ධයෙන් හොඳම ප්රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙයි..” ඇය වැඩිදුරටත් සඳහන් කරයි.