චීනයෙන් තවත් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ශ්‍රී ලංකාවට නොමිලේ

sinopharm

චීනය විසින් ශ්‍රී ලංකාවට තවත් සීනෝෆාම් එන්නත් මාත්‍රා 500,000 ක් ලබා දෙන බව බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

චීනයේ විදේශ අමාත්‍යංශය විසින් මේ බව බීජිංහි ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා වෙත පසුගියදා (19 )වැනි දින සනාථ කර ඇත.

දැනට ශ්‍රී ලංකාවේ භාවිතා කරනු ලබන මාත්‍රා 600,000 ක ප්‍රමාණයක් මීට පෙර චීනය ශ්‍රී ලංකාවට තෑගි කළේය.


කොවිඩ්-19 ආසාදිතයින් භයානක ලෙස ඉහළ යමින් පවතින මෙම තීරණාත්මක අවස්ථාවේ දී, චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ලද කාලෝචිත සහයෝගය පිළිබඳව ආචාර්ය පාලිත කොහොන මහතා සිය කෘතඥතාව පළ කළේය.

මෙම වසංගතය හේතුවෙන් අප දැඩි අපහසුතාවයට පත්ව සිටින මොහොතක දී චීනය සැබෑ මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාවට උපකාර කිරීමට නැවතත් ඉදිරිපත් වී සිටින බව ඔහු අවධාරණය කළේය.

මෙම එන්නත් මාත්‍රා 500,000 ලද වහාම, බෙයිජිංහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඒවා ශ්‍රී ලංකාවට ගුවනින් ප්‍රවාහනය කිරීම සම්බන්ධීකරණය කරනු ඇත.

තවද, දේශීය සහ වෙනත් රටවලින් ලැබෙන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන් සැපයුම අතිශයින් අසීරු වී ඇති කාල සීමාවක දී, සීනෝෆාම් වෙතින් එන්නත් මාත්‍රා මිලියන 14 ක් රාජ්‍ය ඖෂධ සංස්ථාව විසින් ප්‍රසම්පාදනය කිරීම මෙම තානාපති කාර්යාලය විසින් සම්බන්ධීකරණය කොට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම එන්නත් මාත්‍රා මිලියන 14 හි පළමු තොගය සීනෝෆාම් විසින් ළඟදීම නිකුත් කරනු ඇත.

Exit mobile version