චීනය මාෆියා සමාජිකයින් සමඟ එක්ව කළු මුදල් සුදුකරන ජාවාරමක

money laundering

ඉතලියේ බදු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරනු ලබන විශේෂ පොලිස් ඒකකය විසින් චීන කොමියුනිස්ට් පක්ෂය විසින් අපරාධ ක්‍රියාවන්ට සම්බන්ධ සංවිධාන කීපයක් සමඟම එක්වී මුදල් විශුද්ධිකරණ කටයුතු වල නිතරවී ඇති බවට අනාවරණය වේ.

ඒ අනුව චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ඉතාලියේ මාෆියා සමාජිකයින්, කොලොම්බියාවේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් සහ රුසියාවේ ඉහළ ධනවතුන් සමඟ එක්ව ඇමරිකානු ඩොලර් බිලියන ගණනින් මුදල් විශුද්ධිකරණ කටයුතු වල නිතරවී ඇති බවට වාර්තාවේ.

ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී, ඉතාලියේ ප්‍රසිද්ධ බදු පොලිස් බලකායක් වන විසින් ව්‍යාපරික අඹුසැමි යුවලක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකළේය. එහිදී අනාවරණය වූයේ මෙම යුවළ කිසි දිනෙක ඉතාලියට නොපැමිණි අමු ද්‍රව්‍ය සඳහා ගෙවීම් ලෙස යුරෝ මිලියන 4.5 ක් ස්ලෝවේනියාවට සහ අනෙකුත් නැගෙනහිර යුරෝපීය රටවල් වෙත යවා ඇති බවයි.


මෙහිදී ඔවුන් නිවසින් සොයමින් සිටි සාක්ෂි සොයා ගැනීමට නොහැකි වීම නිසා ඔවුන් ගෙවත්තේ කැණීම් කිරීමට විමර්ශණ කණ්ඩායම් තීරණය ඇත. එහිදී ඔවුන් විශේෂිත ලෝහ බෙර කිහිපයක් සොයා ගත්හ. එය විවෘත කළ විට, ඔවුන්ට යුරෝ මිලියන අටක් වටිනා මුදල් සොයා ගැනීමට හැකිවිය. මේ අතර විමර්ශණ නිලධාරීන් විසින් මෙම තවත් යුරෝ මිලියන තුනක් සඟවා තිබියදී සොයා ගන්නා ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මෙම මුදල් සියල්ල චීනයෙන් පැමිණ ඇති බවට විශ්වාස කරන බවටද ඉතාලි මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ අනුව චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ඉතා සූක්ෂම මෙම මුදල් විශුද්ධීකරණ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවත් ඊට අපරාධ සංවිධාන වලට දායකත්ව ලැබී ඇති බවත් පසුව කළ පරීක්ෂණ වලදී අනාවරණය විය.

Exit mobile version