චීනය පාකිස්ථානයට දුන්න අලුත්ම ප්‍රහාර යානා

දකුණු ආසියානු කළාපයේ බල තුලනය පිළිබඳ ගැටලු ඇති කරමින් චීනය විසින් පාකිස්ථානයට ලබාදුන් නවීනතම ප්‍රහාරක ජේ-10 සී යානා සිය සේවය එක්කර තිබේ.

ඊයේ ඉතා උත්සවාකාරයෙන් මෙම ප්‍රහාරක යානා පාකිස්ථාන ගුවන් හමුදාවට එක්වීම සැමරීම සිදුකර ඇති අතර එය චීනයේ සහ පාකිස්ථානයේ ප්‍රධානින්ගේ සහභාගිත්වයෙන් ඉස්ලාමාබාද් හිදී පවත්වා ඇත.

මෙම ප්‍රහාරක යානා හතරවන පරම්පරවට අයත් ප්‍රහාරක යානා වන අතර තනි එන්ජමකින් සමත්විය. ඕනෑම කාලගුණ තත්ත්වයක ඔරොත්තු දෙන ආකාරයට මෙය නිපදවා ඇති අතර එය ගුවන් සටන් වලට වඩා යෝග්‍ය වන පරිදි නර්මාණය කර ඇත.  


පාකිස්ථානය සහ චීනය අතර සම්බන්ධතා පසුගිය කාලයේදී සීඝ්‍රයෙන් වර්ධනය වූ අතර එහිදී චීනය විසින් පාකිස්ථානයට විශාල වශයෙන් යුද ආධාර ලබාදීමට පියවර ගෙන තිබිණි.

පසුගිය කාලය පුරා පාකිස්ථානය සහ ඉන්දියාව සමඟ මදක් රළු සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය අතරම චීනය ඉන්දීය දේශ සීමා ආසන්න ප්‍රදේශ වල සිය හමුදා ක්‍රියාකාරම් ඉහළදාමා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව ඉන්දියාවට පාකිස්ථාන සහ චීන දේශ සිමා ඔස්සේ යම් තර්ජනයක්ද නිර්මාණය වී ඇති බවටද පෙන්වා දිය හැකිය.

Exit mobile version