චීනය තවත් අධිතාක්ෂණික චන්ද්‍රිකාවක් කක්ෂ ගතකරයි

චීනය විසින් ඉකුත් සිකුරාදා පෘථිවි කක්ෂයේ සිට නීර්ක්ෂණ කටයුතු කිරීමේ හැකියාව පවතින අධි තාක්ෂණික චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරීමට සමත්විය.

අදාල චන්ද්‍රිකාව ලෝනග් මාර්ච් දෙක සී වර්ගයේ රොක්ටුවක් මර්ගයෙන් ගෝබි කාන්තාරයේ ජිවුකුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේදී රාත්‍රී 11:01 ට ඉහළට ගුවන් ගත කළේය.

චීනයේ ප්‍රධාන අභ්‍යවකාශ කොන්ත්‍රාත්කරු වන සීඒඑස්සී නිවේදනය කළේ ගුවන්ගත වී පැයක් ඇතුළත චන්ද්‍රිකාව කක්ෂ ගත කිරීමට හැකියාව ලැබුණු බවයි. මෙම චන්ද්‍රිකාව දුරස්ථ නිරීක්ෂණ කටයුතු සඳහා නිර්මාණය කර ඇති බවත් එය චීනයේ අභ්‍යවකාශ තාක්ෂණ ඇකඩමිය විසින් නිපදවා ඇත.


මෙම චන්ද්‍රිකාව සම්බන්ධයෙන් චීනය වැඩිදුර තොරතුර නිකුත් කිරීමෙන් වැලකී සිටින අතර වාර්තා වන අන්දමට මෙම චන්ද්‍රිකාව ඊජිප්තුව වෙනුවෙන් කක්ක්ෂ ගත කරන ලද්දකි. තාරකා විද්‍යාඥ සහ අභ්‍යවකාශ දියත් කිරීමේ නිරීක්ෂක ජොනතන් මැක්ඩොවෙල් සඳහන් කළේ මෙවැනි චන්ද්‍රිකා තැනීම සඳහා ඊජිප්තුව මීට පෙර චීනය සමඟ ගිවිසුම් ගතව ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චීනය පසුගිය කාලයේදී සිය චන්ද්‍රිකා තාක්ෂණය සීඝ්‍රෙයන් වර්ධනය කර කැනීමට සමත්වූ අතරම වෙනත් රටවල් වෙනුවෙන්ද චන්ද්‍රිකා නිපදවා කක්ෂ ගතකිරීමට පියවර ගෙන තිබිණි. කෙසේ වෙතත් චීනය විසින් පසුගිය කාලයේදී සිය ඔත්තු බැලීමේ කටයුතු සම්බන්ධයෙන් දැඩි ජාත්‍යන්තර අවධානයක් යොමු වූ අතර චීනය වෙනත් රටවල් වල දත්ත සොරා ගැනීම් සිදුකරන බවටද චෝදනා එල්ල වී තිබිණි.

Exit mobile version