චීනයට බැන බැන චීනයෙන් යැපෙන ඉන්දියාව

ඉන්දියාව චීනයෙන් ගතවූ වසර තුලදී ඇමරිකානු ඩොලර් බිලියන සියයකට ආසන්න වටිනාකමිකින් යුත් භාණ්ඩ ආනයනය කර ඇති බවත් ඉන් වැඩි ප්‍රමාණයක් ජංගම දුරකථන ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ බවටද වාර්තාවේ.

චීනය විසින් නිකුත් කළ නවතම දත්ත වලට අනුව 2021 වර්ෂයේදී ඉන්දියාව විසින් චීනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 97.52ක් වටිනා භාණ්ඩ ආනනය කර ඇත. අදාල දත්ත වලට අනුව මෙම ආනයන වලනි වැඩිම ප්‍රමාණයක් ස්මාට් ජංගම දුරකථන වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් ජංගම දුරකථන සහ ඉලෙක්ට්‍රොනික් උපකරණ වලට අතිරේකව ඉන්දියාව ගෙවුනු වසරේ මුල් මාස 8 තුලදී පෙට්‍රෝලියම් නිෂ්පාදන විශාල වශයෙන් චීනයෙන් ආනයන කර ඇති අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 60කට ආසන්න වේ.


මේ අතර ගෙවුණු වසර තුලදී ඉන්දියාව විසින්ද චීනයට ඇමරිකානු ඩොලර් බිලියන 24ක වටිනාකමකින් යුත් භාණ්ඩ අපනයන කර ඇති අතර එය පසුගිය වර්ෂවලට සාපෙක්ෂව වර්ධනය වීමකි.

ඒ අනුව චීනය සහ ඉන්දියාව අතර විශාල දේශපාලනික ප්‍රතිවිරුද්ධතාවයක් පැවතියද ආර්ථිකමය වශයෙන් ඊට හාත්පසින්ම වෙනස් වූ සම්බන්ධතාවක් පවතින බවට පෙනියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආර්ථික විශ්ලේෂඛයින්ට අනුව චීනය සහ ඉන්දියාව අතර සම්බන්ධතාවය ඇමරිකාව සහ චීනය අතර සම්බන්ධතාවයට සමාන බවටද මත පළවෙයි. එහිදී ඔවුන් පෙන්වාදෙන ආකාරයට ඇමරිකාව චීන විරෝධි ප්‍රතිපත්ථියක් අනුගමනය කළද චීනයේ නිෂ්පාදන මත දැඩි වශයෙන් යැපීමට සිදුව තිබේ.

Exit mobile version