චිට් එකට ෆයිසර් ගස්සවන්න ගිය මන්ත්‍රී අලි සබ්‍රි රහීමට වෙච්චි දේ….

තව පොඩ්ඩක් හිටියනම් ගුටිත් කන්න වෙනවා... මිනිස්සු කියති...

කීර්ති ප්‍රනාන්දු –

පුත්තලම සහීරා ජාතික පාසලේ දී ටෝකන් ක්‍රමකයට  එන්නත් ලබා දීමට උත්සාහ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් අතිශය දැඩි ජනතා අප්‍රසාදය මැද  අනතුරකට ලක් නොකර එම ස්ථානයෙන් ඉවත් කිරීමට   කටයුතු කළ බව පුත්තලම මූලස්ථාන පොලිසිය කීවේය.

පොලිසිය කීවේ එය ඉමහත් දුෂ්කර ව්‍යායමයක් වූ බවත් ජනතාව ඒ තරමට ප්‍රකෝප වී සිටි බවත්ය.

පාලිසියේ උසස් නිලධාරීයෙකු ලංකාසරට පැවසුවේ මන්ත්‍රීවරයා ඊයේ (26)  උදෑසන එන්නත්කරණ ස්ථානයට පැමිණ තමන් විසින් නිකුත් කළ ටෝකන් ක්‍රමයට එන්නත්  කිරීමට බලපෑම් කිරීම හේතුවෙන් මේ ප්‍රශ්නය හටගත් බවය.


ඊයේ (26) උදෑසන පුත්තලම සහීරා ජාතික පාසලේ කොරෝනා එන්නත් මධ්‍යස්ථානයට පැමිණි  මන්ත්‍රීවරයා  එන්නත ලබා ගැනීමට පෝලිමේ සිටි ජනතාවට පවසා ඇත්තේ පුත්තලම ජුම්මා පල්ලිය හරහා ටෝකන්පතක් ලබා දී ඇති බවත් එයට අනුව එන්නත් ලබා ගන්නා ලෙසත්ය.

පොලිසිය පවසන්නේ මෙම  ටෝකන් පත පුත්තලම ජුම්මා පල්ලියේ නිල මුද්‍රාව යටතේ නිකුත් කර තිබූ බවය. පෙරේදා (25) එම ටෝකන්පත් ඉතා සුළු ප්‍රමාණයක් පිරිසක් අතරේ බෙදා දී ඇති බවත් අනාවරණය වී යැයි පොලිසිය කීවේය.

බෙදා දී තිබුණු ටෝකන් එක

මේ ක්‍රියාවලිය එන්නත්කරණ වැඩසටහනේ හරයම බිඳ දැම්මේය. ඊට මුලින්ම එරෙහි වූයේ    එතැනට රැස් වූ පිරිස්ය.  මේ මිනිස්සු  මන්ත්‍රීවරයා දැඩි දෝෂ දර්ශනයට ලක් කළ අතර ඔහුගේ හැසිරීමට එළිපිටම එරෙහි විය.

තත්වය උණුසුම් වීමට පටන් ගැනීමත් සමග එන්නත්කරණ ස්ථානයේ රාජකාරියේ සිටි පුත්තලම මූලස්ථාන පොලිස්නිලධාරීන් සහ හමුදා නිලධාරීන් එක්ව මන්ත්‍රීවරයාට කරුණු පැහැදිලි කර   එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනතුරුව ටෝකන් ඉවත් කර සාමාන්‍ය පරිදි පෝලිමේ පැමිණ එන්නත් ලබා ගැනීම පැමිණි  සියලුම ජනතාවට පහසුකම් සලසා දීමටත් කුපිත වූ ජනතාව සන්සුන් කිරීමටත් පොලිසිය කටයුතු කර තිබිණි.

Exit mobile version