“ඇමති චමල් රාජපක්ෂත් ඒක්ප්‍රස් පර්ල් නැවට හේත්තුවෙලා දැයි සැකයි”

nayanaka ranwella

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කියන ආකාරයට කාලෙකට මේ ආකාරයට විශාල වශයෙන් කැස්බැවුන් මිය යන තත්ත්වයක් තිබෙනවා නම් වසර මිලියන ගණනක් තිස්සේ ලෝකයේ පැවතෙන කැස්බෑ පරපුර මේ වනවිට වඳ වී තිබෙනු නොඅනුමාන බවත් අමාත්‍යවරයා මේ කයන කතාව එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් ලබා ගත යුතු වන්දිය අඩුකර ගැනීම සඳහා නැව පැත්තට හේත්තු වි කරන ප්‍රකාශයක් දැයි සිතෙන බවත් පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පවසයි.
එක්ස්ප්‍රස් පර්ල් නැවේ අනතුරෙන් පසුව ශ්‍රි ලංකාව ආශ්‍රිත මුහුදු වෙරළෙන් තල්මසුන් කැස්බෑවුන් ඩොල්පින් ඇතුළු සමුද්‍ර ජීවීන් මිය යාම සම්බන්ධයෙන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශයක් සිදු කරමින් පවසා තිබුණේ ඇතැම් කාලවලට විශාල වශනේ කැස්බෑවුන් මියගොස් වෙරලට ගොඩ ගැසීම සාමාන්‍ය දෙයක් බවය. මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අදහස් දැක්වූ රන්වැල්ප මහතා මෙම කැස්බෑවන් තල්මසුන් සහ ඩොල්පින් මරණ අසාමාන්‍ය බව මේ වනවිට රටම පිළිගන්නා බවය. ඊයේ වනවිට වෙරළ තීරයේදී හමුවූ මිය ගිය කැස්බෑවන් ගණන සියයකට අධික බවත් පිළස්සුම් සහිතව මිය ගිය තල්මසුන් ඩොල්පිනුන් ඇතුළු සතුන් සම්බන්ධයෙන් නිසි විද්‍යාත්මක පර්යේෂණ තවමත් සිදු නොකිරීම ප්‍රශ්නයක් බවත් ඔහු සඳහන් කළේය.
“ මේ සතුන්ගේ මරණ වාර්තා වන්නට පටන් ගත්තේ නැවේ සිදුවීමෙන් පසුවයි. මේ ක අසාමාන්‍ය දෙයක්. නමුත් ඇමතිවරයා කියන ආකාරයට තවම මේ මිය යාම් ගැන නිස විද්‍යාත්මක පර්යේෂණයක් සිදු කොට නැහැ. නැවේ බලපෑමෙන් වුණත් එය සිදුවුනේ කවර හේතුවක් නිසාද යන්න අප අවබෝධ කර ගත යුතුයි. මෙම සතුන්ගේ දේහවල රසායනික විශ්ලේෂණයක් සිදු කළ යුතු වුණත් තවම එවැනි පියවරක් ගෙන නැහැ.
බොහෝ බලධාරීන් මේ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් දෙන්නේ නැහැ. අපට මේ තත්ත්වය තුළ සැකයක් තිබෙනවා නැවෙන් සිදුවුණු හානිය අවම අවතක්සේරු කොට මේ නැවෙන් එන වන්දිය අඩු කර ගැනීමේ උත්සාහයක යෙදෙනවාද කියා .යයි ද පැවසීය.

Exit mobile version