මධ්‍යම පලාත මගින් නිකුත් කර ඇත චක්‍රලේඛය උල්ලංඝනය කරමින් තම පන්තිවල දරුවන් සඳහා පුද්ගලික උපකාරක පන්ති පැවැත්වූ ගුරුවරුන් 10 දෙනෙකුට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් වෙනත් පාසල්වලට ස්ථාන මාරුවීම් ලබා දී ඇත.
මේ වනවිට චක්‍රලේඛ උල්ලංඝනය කර උපකාරක පන්ති පවත්වන ගුරුවරුන් සම්බන්ධව සොයා බැලීමට මධ්‍ය පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත්ගේ උපදෙස් මත විශේෂ වැටලීම් ඒකකයක් ද ආරම්භ කර තිබේ.
කෙසේ වෙතත් මෙම චක්‍රලේඛය බල පැවැත්වෙන්නේ පළාත් සභා පාසල් වල අදාළව බැවින් ජාතික පාසල් වල මේ වනවිටත් ඇතැම් ගුරුවරු තමන් ගේ පංතියේ සිසුන්ට උපකාරක පංති පැවැත්වීම අඛණ්ඩව කරගෙන යන බව වාර්තා වේ.
තමන්ගේ පාසලේ තම පන්තිවල දරුවන්ට පුද්ගලික උපාකාරක පන්ති පැවැත්වීම නැවැත්වීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේ පාසල් මට්ටමින් සකස් කරන ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු සපයන, තම උපකාරක පන්තිවලට සහභාගීවන දරුවන්ට වැඩි ලකුණු ලබා දෙමින් එසේ සහභාගී නොවන දරුවන්ගේ දෙමව්පියන්ට තමන්ගේ පුද්ගලික පන්තිවලට දරුවා සහභාගී කරවීමට බල කිරීම පිළිබඳ පැමිණිලි ගණනාවක් ලැබුණු නිසා බව මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශය කීවේය.
කෙසේ වෙතත් මේ වනවිට සමහර දෙමව්පියන් හා සංවිධානගත වී ඇතැම් ගුරුවරු තම ව්‍යාපාරය දිගටය කරගෙන යෑමට උත්සාහ කරන බවද එම අමාත්‍යාංශය පැවසුවේය.