හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස හිටපු ජනාධිපතිවරයා කැඳවා ඇති බව සඳහන්ය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දුන් දැනුම් දීමක් මත මෙසේ පැමිණ ඇත.
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගෙන් ද ප්‍රකාශයක් ලබාගැනීම සදහා කැදවා ඇත.
මේ අතර පුද්ගලික ආරවුලක් හේතුවෙන් පසුගිය 10 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කළ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් 10000ක මුදල් ඇපයක් සහ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ.







