ගෝඨාව යළි ගෙනඒමේ කොන්ත්‍රාත්තුව වෙළඳ දැන්වීම් සමාගමක් ඇති මාධ්‍ය ව්‍යාපාරිකයෙක් බාර අරන්… 

මෙහෙයුම් කණ්ඩායම් ගමට ඇවිත්... මුලින්ම ගම සමග පිළිසඳර කළ ගම්මානවලට....

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යළි දේශපාලන කරළියට සම්බන්ධ කිරීමේ  හැකියාව උරගා බැලීමේ මෙහෙයුමක් යළි ආරම්භ වී ඇති බව වාර්තා වේ.

මාධ්‍ය , වෙළෙඳ දැන්වීම් හිමිකාරත්වයක් පවතින ව්‍යාපාර නායකයකුගේ මූලිකත්වයෙන් දියත්ව ඇති මෙම සැලසුම් සහගත වැඩපිළිවෙළ හරහා දැනට ජනතාව තුළ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් පවතින ආකල්පය සියුම්ව විමසා බැලීමේ වැඩපිළිවෙළක් ඒ අනුව ආරම්භ වී ඇතැයි ඩේලි මිරර් පුවත් පත වාර්තා කරයි.

එම වාර්තාවට අනුව මෙම ව්‍යාපාර නායකයා මේ වනවිට  කණ්ඩායම් කිහිපයක් නිර්මාණය කරමින් අදාළ කටයුත්තට යොදා ඇතැයිද එක් කණ්ඩායමක් මේ වනවිට ගෝඨාභය ජනාධිපතිවරයා සමයේ  පැවැත්වූ ගම සමඟ පිළිසඳර වැඩසටහන පැවැති ගම්වලට ගොස් ජනතාව හමුවී ඔවුන්ගේ අදහස් හුවමාරු කර ගනිමින් සිටින බවත් සඳහන් වේ.

එයට අමතරව ගෝඨාභය රාජපක්ෂ   සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළ වන දේ විමර්ශනය කිරීමේ කණ්ඩායමක්ද නිර්මාණය කර ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.


අසාර්ථකත්වය මත නිර්මාණය වූ විරෝධතා මැද මාලදිවයිනටත් එයින් පසුව සිංගප්පූරුවට සහ තායිලන්තය බලා පලා ගිය හිටපු ජනාධිපතිරයා මේ වනවිට කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි සිය නිල නිවසේ ජීවත් වන අතර ඔහු යළි දේශපාලනයට සම්බන්ධ කිරීමේ හැකියාව පිළිබඳව විමසා බැලීම ඔහුට ඉතා සමීපව සිටි කණ්ඩායමේ අදහස වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව ගම සමඟ පිළිසඳර පැවත්වූ ගම්වලට ගිය කණ්ඩායම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අසාර්ථක වීමට බලපෑවේ ඔහු නොව ඔහුගේ පවුලේ සාමාජිකයන් යයි මතයක්ද ස්ථාපනය කරමින් සිටින බව මෙම වාර්තාවේ සඳහන් වේ.

Exit mobile version