බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨාගේ පරණ කෙළි කරළියට… වසර 33කට පෙර මාතලේ දී තරුණයින් 700ක් අතුරුදහන් කිරීම ගැන  එක්සත් ජාතීන්ගෙන් රහසිගත ලිපියක්!

by editor
ජනවාරි 19, 2023
in පුවත්
GOTABHAYA
Share on FacebookShare on Twitter

ජනතා විරෝධය මැද පළා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 1988 සහ 1990 වසරවලදී යුධ හමුදාවේ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කළ අවධියේදී රට තුළ ඇතිවී තිබුණු කැරල්ලත් සමග පුද්ගලයන් 700කට අධික සංඛ්‍යාවක් අතුරුදන් කිරීම පිළිබඳව විමර්ශනය කරන තොරතුරු දෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතට ගැනෙන ආයතන හතරක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත රහසිගත ලිපියක් ඉදිරිපත් කර තිබේ.

පසුගිය නොවැම්බර් මස 08 වැනිදා ඉදිරිපත් කර අති මෙම ලිපියට අදාළව දෙමසක් තුළ කිසිදු පියවරක් නොගතහොත් එම ලිපිය ප්‍රසිද්ධ කරන බවටද මෙම සංවිධාන විසින් අනතුරු අඟවනු ලැබ ඇති අතර මේ වනවිට එම ලිපිය ප්‍රසිද්ධ කර ඇති බව ප්‍රවීන දේශපාලන විශ්ලේශකයකු වන ඩී.බී.එස් ජෙයරාජ් පවසයි.

ඔහුට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ක්‍රියාත්මක වන බලහත්කාරයෙන් හෝ ස්වේච්ඡාවෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම, අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම, නීති විරෝධී, සාරාංශ හෝ අත්තනෝමතික ක්‍රියාත්මක කිරීම් පිළිබඳ විශේෂ විමර්ශන කණ්ඩායම සහ සත්‍යය, යුක්තිය, වන්දි ගෙවීම සහ මෙවැනි සිදුවීම් නැවත සිදු නොවන බවට සහතික කිරීම ප්‍රවර්ධනය කිරීම පිළිබඳ කමිටුව යන ආයතන විසින් මෙම චෝදනාව ඉදිරිපත් කරනු ලැබ ඇත.

එයින් සඳහන් කර ඇත්තේ 1989 මැයි මාසයේ සිය 1990 ජනවාරි මාසය දක්වා කාලය තුළ ජනතාව විමුක්ති පෙරමුණ විසින් රජයට එරෙහිව ක්‍රියාත්මක වූ කාල වකවානුවේදී ගජබා රෙජිමේන්තුවේ බලමු බලමුළුවේ අණ දෙන නිලධාරීයා ලෙස කටයුතු කළ යුධ හමුදා නිලධාරියා මාතලේ දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස ක්‍රියා කර ඇති අතර මෙම කාලය තුළ මාතලේ දිස්ත්‍රික්කයේ තරුණයන් ඇතුළු හත්සියයකට වැඩි පිරිසක් අතුරුදන් කර ඇති බව තමන් විසින් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.
මෙම් අතුරුදන්වීම් පිළිබඳව සහ ඊට වගකිවයුත්තන් පිළිබඳව විමර්ශනය කරන ලෙස මෙම කණ්ඩායම් පසුගිය නොවැම්බර් මස 3 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යවන ලද ලිපියෙන් පෙන්වා දී තිබේ.

මේ අනුව මෙම කාලය තුළ ගජබා රෙජිමේන්තුවේ පළමු බලඇණියේ අණ දෙන නිලධාරියා ලෙස සහ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරියා ලෙස ක්‍රියා කර ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය. ඔහු එකල ලුතිනන් කර්නල් නිලයේ ක්‍රියා කර තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙම කාලය තුළ මාතලේ විජය විද්‍යාලයයේ රැඳවුම් කඳවුරක් ස්ථාපනය කර නීති විරෝධි බලහත්කාරයෙන් පුද්ගලයන් රඳවා අමානුෂික වධ හිංසා පමුණුවා ඇති බව අනාවරණය කරන මෙම කණ්ඩායම එහිදී පුද්ගලයන්ට පහර දුන් ආකාරයට ද විස්තර කර ඇත.
මේ සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති මෙම කණ්ඩායම් හතරේ නායකයින් ඒ පිළිබඳව මෙතෙක් කර ඇති විමර්ශන තොරතුරු තමන් වෙත ලබා දෙන ලෙස ද ඉල්ලා ඇත.

මේ සම්බන්ධයෙන් දින 60ක් තුළ ශ්‍රි ලංකා රජය පියවරක් නොගතහොත් එම ලිපිය ප්‍රසිද්ධ කරන බව සඳහන් කර ඇති එම කණ්ඩායම අදාළ කාලය තුළ ශ්‍රි ලංකා රජය මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් තැන එය ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කැබිනට් සංශෝධනයක්… රාජිත ඇතුළු තිදෙනෙක් අද පෙරවරුවේ ජනපති ඉදිරියේ කැබිනට් ඇමති ධූරවල දිවුරුමට සැරසෙති!

Next Post

පවිත්‍රා සහ ජීවන් තොණ්ඩමන් කැබිනට් අමාත්‍ය තනතුරුවල දිවුරුම් දෙති!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.