බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ගෝටා ගෝ හෝම්“ කී තරුණ තිසර පැය 22ක් යනතුරුත් අධිකරණයට ඉදිරිපත් කර නෑ…

නිතියට වෙට්ටු දමමින් කරන පොලිස් හැංගිමුත්තන් ගැන මානව හිමිකම් කොමිසම අවධානයෙන්...

by editor
අප්‍රේල් 2, 2022 - Updated on අප්‍රේල් 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝටා ගෝ ෆේස්බුක් පිටුවේ සංස්කාරකවරයෙක් ලෙස රටේ පවතින වියවුල ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පල  කළ 28 හැවිරිදි සරසවි සිසුවෙක් වූ තිසර අනුරුද්ධ බණ්ඩාර අද රාත්‍රී දහය වනතුරුත් කිසිම අධිකරණයකට ඉදිරිපත් වී නොතිබුණු බවත් ඔහු සම්බන්ධව ඒ වනතුරුත් නිශ්චිත තොරතුරක් නොමැති බවත් නීතිඥවරු කීහ. මේ සම්බන්ධව මානව හිමිකම් කොමිසමත් සිටින්නේ් දැඩි අවධානයකින් බව පැවසිනි.

150කට අධික නීතිඥවරු පිරිසක් රාත්‍රී 10.30 වනතුරුත්   අධිකරණ භූමියේ රැඳී සිටිමින් තිසර අනුරුද්ධ බණ්ඩාර සම්බන්ධව නිශ්චිත තොරතුරක් අපේක්ෂාවෙන් රැඳී සිටියහ.

සිද්ධිය පිළිබඳ   අදහස් දක්වමින් තිසර වෙනුවෙන් පෙනී සිටි නිතිඥ මාලක පල්ලියගුරුගේ ප්‍රකාශ කළේ  තිසරගේ ප්‍රකාශ සටහන් කරගැනීම අද සවස 5.30 වනවිට නිමා කළ බවය.

පොලිසිය කීවේ අනතුරුව ඔහුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 06 අධිකරණයේ මහේස්ත්‍රාත් තුමන් වෙත ඉදිරිපත්කරන බවය.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

මේ දැනුම්වත් කිරීමත් සමග තිසර වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් වූ එකසිය පනහක පමණ නීතිඥ පිරිසක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණියහ. මෝදර පොලිසියේ සිට අධිකරණය දක්වා තිසරව රැගෙන යන පොලිස් ජිප් රථය පසුපස නීතිඥවරු සහිත වාහන පහක් ගමන් කරමින් තිබිණි.

එහෙත් එක්වරම තිසර රැගත්  පොලිස් ජිප් රථය වරාය ප්‍රවේශයෙන් වරාය තුළට ඇතුළු කළේය. නීතිඥ පිරිස රැගත් වාහනවලට ඉන් ප්‍රවේශ වීමේ හැකියා නොලැබිනි.

ඒ මොහොතේ සිට තිසර සම්බන්ධව නිශ්චිත ආරංචියක් නොමැති බව නිතිඥ නිතිඥ මාලක පල්ලියගුරුගේ කීවේය.

“මේ වනවිටත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරු 150කට අධික පිරිසක් රැඳී සිටිනවා. අපට මේ අවස්ථාවේ දී තිබෙන ප්‍රශ්නය මෙම සැකකරු කුමණ අධිකරණයකට ඉදිරිපත් කීරීමට   පොලිසිය බලාපොරොත්තු වෙනවාද යන්න සම්බන්ධවයි.“ ඔහු පැහැදිලි කළේය.

මේ අතර තහවුරු වූයේ වරාය ප්‍රවේශය හරහා වරාය තුළට ගිය පොලිස් ජිප් රථය නීතිඥවරුන් මගහැර වරාය පරිශ්‍රය හරහා පැමිණ ඉඟුරුකඩේ හන්දිය ප්‍රවේශයෙන් පිටවී ගම්පල ඇත්ගාල ප්‍රදේශයේ තිසරගේ නිවසට ඔහුව රැගෙන ගිය බවය.

කෙරෙමින් තිබුණේ අන්තවාදී අපරාධකාරයෙක් සම්බන්ධව මේ රටේ අනුගමනය කරන ක්‍රමවේදයමය. තිසරව අත්අඩංගුවට ගෙන පැය 22ක් යනතුරුත් කිසිම අධිකරණයකට ඉදිරිපත් කර නොතිබුණු බව නීතිඥවරු තහවුරු කලහ. ඔහු ඒ වනවිටත් හිටියේ පොලිසිය භාරයේය.

“හරියට නවය හමාර වනවිට තොරතුරක් ලැබෙනවා ගම්පල ප්‍රදේශයේ ඔහුගේ නිවසට රැගෙන ගියා කියලා. අප බලාපොරොත්තු වෙනවා. පැය විසි හතරක් ඇතුළත ඔහුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරයි කියලා කියන පේක්ෂාවෙන් මේ සියලුම ජ්‍යෙෂ්ඨ නීතිඥවරු ඉන්නවා.“ නීතිඥ නලීන් සිල්වා.

අද පස්වරුවේ තිසත් ගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධව  ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන ප්‍රකාශ කළේ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය අර්ථ නිරූපනය කළ යුත්තේ භාෂණයේ නිදහස යටපත් කරගෙන නොවන බවය.

ගෝටා ගෝ හෝම් කී පමණින් මහජන කැලඹුමක් ඇති වුනා සේ සලකා පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට කිසිම සාධකයක් නැති බවය.

“භාෂණයේ නිදහස සමග තමයි මේ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය අර්ථ නිරූපණය කරන්න ඕන. මේ භාෂණයේ නිදහස තවත් පනතකින් නැති කරන්න බෑ. අනේක ගෝටා ගෝ හෝම් කියලා පල කලා කියලා එකෙන් මහජන කැළඹුමක් ඇතිවුනා කියන්න කිසිම සාධකයක් නෑ. මේ   සමාජයේ තියන ප්‍රශ්නය ගැන කතා කරන්න ආණ්ඩුව විවේචනය කරන්න පුරවැසියෙකුට අයිතියක් තියනවා.“ ඔහු කීවේය.

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දීය හමුදා බස්සවන කතාව තනිකරම බොරුවක්

Next Post

ලිඛිත අවසරයක් නැතිව  මහ පාරටවත් අඩියක් තියන්න බෑ…  ජනපතිගෙන් තවත් ගැසට් එකක්

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.