ගොහාගොඩ කුණුකන්ද යළි සෙලවෙයි… දැඩි අනතුරක් අතළඟ !

සමන්ති වීරසේකර –

ගොහාගොඩ තේක්කවත්ත කුණු කන්ද

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර කටුගස්තොට ගොහාගොඩ තේක්කවත්ත කුණු කන්ද තුන්වැනි වරටත් සක්‍රිය ව ඇති නමුත් ඒ සදහා රජයේ අවධානය යොමුව නැතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.

කුණුකන්දේ බටහිර බෑවුම ඊයේ 28දා පස්වරුවේ සිට නායයාමට ලක්ව ඇති අතර මේ වන විට කුණුකන්ද වෙල්යාය දෙසට නායයමින් පවතින බවද මහාචාර්යයවරයා කිය.

අඩි අසූවක් උසට ගොඩ ගැසී ඇති මෙම කුණු කන්ද මේ වන විට අවස්ථා දෙකකදි නායයාමට ලක් වු බවත් සාමාන්‍ය ස්ථායිතාවය පවත්වා ගැනීමට කටයුතු නොකලහොත් දැඩි බලපෑමක් ඇතිවිය හැකි බවත් හෙතම කීය.

වසර පනහක පමණ කාලයක් තිස්සේ මහනුවර දිස්ත්‍රික්කයේ කැලිකසල ගොඩ ගැසූ කසල අංගනයක් වන මෙහි පහල කුණු හියුමස් පස්තට්ටුවක් බවට පරිවර්තනය වී ඇති අතර ඉහල ඇති කැලි කසල මත ජලය රැදීමෙන් නාය යාමේ අවධානම ඇතිව ඇති බවද හෙතම කීය. මෙහි ඝණ අපද්‍රව්‍ය සේම ගලිඅපද්‍රව්‍ය ද රැස්කර ඇති බැවින් නායයාම දරුණුලෙස සිදු වුවහොත් ජන ජීවිතවලට දැඩි බලපෑමක් ඇතිවන බවද මහාචාර්යය සේනාරත්න මහතා කීය. වහාම ඉංජිනේරු උපදෙස් මත කසල කන්දේ උස අඩු කිරිම සදහා පියවර ගත යුතු බවද හෙතම කිය.

Exit mobile version