සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගේ ඇතුළේ සිදුවුන අවුල නොදත් පෑලියගොඩ මන්ත්‍රී සහෝදරිය ඇත්තටම බබා ද?…

by editor
නොවැම්බර් 6, 2025 - Updated on නොවැම්බර් 7, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ජාතික ජන බලවේගය බිහිසුණු අපහසුතාවයකය. ජාතික ජන බලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රී දිස්නා නිරංජලා කුමාරි ගේ සැමියා එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක විදුහල්පතියෙක් වූ ජයන්ත බාලසුරිය කුඩු කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමග අත් අඩංගුවට ගෙනය.

විදුහල්පති අත් අඩංගුවට ගත් අවස්ථාවේ දී නිවසේ සිටි නාගරික මන්ත්‍රි දිස්නා නෙරංජලා කුමාරි පොලිස් අත් අඩංගුවට ගත්තේ නැත. මේ දෙපළගේ එක් පුතෙක් දැනටමත් කුඩු සමග අත් අඩංගුවට ගෙන ඇත. කුඩු ග්‍රෑම් 26ක් සමග ඔහුව අත් අඩංගුවට ගෙන තිබුණේ ඉපලෝගමදී ය. තාත්තාගේ නින්දිත කෙරුවාව හෙළි වන්නේ පුතා අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුවය.

ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා මුළු අවධානය යොමු කර ඇති මෙවැනි මොහොතක ඇතිවූ මෙම සිදුවීම සම්බන්ධව ඇය පුද්ගලිකව දැඩි කම්පනයකට ලක්ව ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. ඒ අනුව අදාළ සිදුවීමට අදාළව නීතිමය කටයුතු සඳහා සහායදීමක් ලෙසද, රටෙහි යහපත් දේශපාලන සංස්‍කෘතියක් ඇති කිරීමට මාලිමාව ගෙනයන වැඩපිළිවෙළට සහයක් ලෙසද සලකා ඇය මෙලෙස මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව එම මාධ්‍යවාර්තාවල සඳහන්ය.

ඒ අනුව ඇය විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත මේ යොමු කර
එහි පිටපතක් ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්වරයා වෙතද යොමුකර තිබේ. දිස්නා නෙරංජලා කුමාරිගේ නාගරික මන්ත්‍රී ධූරය ජාතික ජන බලවේගය විසින් අත් හිටුවා ඇති බව එම පක්ෂයේ ලේකම් නිහාල් අබේසිංහ අද සවස නිවේදනය කළේය. පරීක්ෂණවලින් අනාවරණය වන කරුණු මත පිහිටා ඇයගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතව ඇත.

මේ වනවිට මන්ත්‍රීනියගේ විදුහල්පති සැමියා දින 07ක රැඳවුම් නියෝග පිට රඳවාගෙන ප්‍රශ්න කරමිනි. දරුවා කුඩුත් සමග හසුවී බන්ධනාගාරයේය.

RelatedPosts

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

විදුහල්පති සැකකරු   අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැවසුවේ, එප්පාවල ඇඳගල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 69 යි මිලිග්‍රෑම් 35ක් සමග අත්අඩංගුවට ගත් එච්.ඒ. තරිඳු ධනංජය වික්‍රමසිංහ නමැති සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරිම්වලදී සැකකාර විදුහල්පතිවරයා හෙරොයින් ජවාරමේ නියැළෙන්නෙකු බවට තොරතුරු අනාවරණය වූ බව ය.

එම තොරතුරු ඔස්සේ මූලික විමර්ශන මෙහෙයවා එප්පාවල, ඇඳගල ප්‍රදේශයේ පිහිටි සැකකාර විදුහල්පතිවරයාට අයත් නිවසක් සහිත හෝටලයක් පරීක්ෂා කර හෙරෝයින් කිලෝ 1 යි ග්‍රෑම් 184 යි මිලි ග්‍රෑම් 400ක් සමග සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බව ද පැවසූ පොලිසිය, සැකකාර විදුහල්පතිවරයා විදුහල්පති තනතුරේ රාජකාරි කරන අතරවාරයේ දීර්ඝ කාලයක් සිට හෙරොයින් ජාවාරම කරගෙන ගොස් ඇති බවට මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව ද සඳහන් කළේ ය.

මේ පිළිබඳව වැඩිදුර සහ නිශ්චිත තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළේ ය.

ඒ අනුව, සැකකරුවන් දෙදෙනා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා අධිකරණයේ අවසරය ලබා දෙන ලෙස ද පොලිසිය අධිකරණයෙන් අයැද සිටියේ ය.

සැකකාර විදුහල්පතිවරයා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නිතිඥ ෂමින්ද සිල්වා පැවසුවේ, සිය සේවාදායකයා සන්තකයේ හෙරොයින් තිබූ බවට පොලිසිය එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ය.

දෙපාර්ශවය දැක්වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ තඹුත්තේගම මහේස්ත්‍රාත් ගයත්‍රි හෙට්ටිආරච්ච් සැකකරුවන් දෙදෙනා දින 7ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන ලෙසට නියෝග කරමින් ඒ සඳහා පොලිසියට අවසරය ලබා දුන්නා ය.

දැන් විමර්ශන වලින් හෙළි වන කාරණා ජාතික ජන බලවේගයේ ජනතා නියෝජිතයන් පිළිබඳ පාරිශුද්ධ භාවයට ප්‍රශ්න කෙරෙමින් ඇත. ජාතික ජන බලවේග නාගරික මන්ත්‍රීවරිය සහ ඇයගේ සැමියා කොස්ගොඩ සුජීගේ ඥාතීන්ය. ඒ කොස්ගොඩ සුජීගේ පියාගේ සහෝදරිය, එනම් නැන්දාගේ පාර්ශවයෙනි. මේ කාලකණ්ණි කුඩු ජාවාරම කාලයක් තිස්සේ සිදුකර ඇති ආකාරය පොලිසිය කියයි. එමෙන්ම ඒ අශිෂ්ට ජාවාරමට මේ විදුහල්පති කාලකණ්ණියා ස්වකීය දරුවන් ද සම්බන්ධ කරගෙන ඇති ආකාරය හෙළි දරවු වේ.

අනෙක් කාරණාව වන්නේ මේ තරම් දෙයක් ගේ ඇතුළේ සිදුවන විට නාගරික මන්ත්‍රී බිරිය මේ කිසිවක් නොදැන සිටි බව සිතන්නට බල කිරීම තාර්කික නොවීමය. අනෙක් පසින් රට තුළ මේ තරම් දැවැන් මෙහෙයුමක් රජය මගින් සිදුකරන බව දැන දැනම, සිය බිරිය නාගරික මන්ත්‍රි කෙනෙක් ලෙස රජය නියෝජනය කරමින් සිටිය දී මේ විදුහල්පති ජාවාරමා සිය ජාවාරම් පවත්වාගෙන යෑමට නොපසුබට වීමය.

විදුහල්පති හෙළිදරවු වූ ආකාරය

පසුගිය මාසයේ 29 වැනිදා අනුරාධපුර ඉපලෝගම දී පොලිසිය යතුරු පැදියකින් ගමන් කරමින් සිටි 26 හැවිරිදි තරුණයෙක් අත් අඩංගුවට ගත්තේය. ඒ හෙරොයින් ග්‍රෑම් 21 ද සමගය. එම තරුණයා මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වූ ආකාරය හෙළි විය.

මේ තරුණයා මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි බව කියන විදුහල්පතිගේ බාල පුත්‍රයාය. තරුණයාගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු අනුරාධපුර නල්ලමුදාව ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි තවත් පුද්ගලයෙක් අත් අඩංගුවට පත් විය. ඔහු අත් අඩංගුවට පත් වන්නේ හෙරොයින් ග්‍රෑම් 69ක් සමගය. හමුදාවෙන් පලා ආ මේ පුද්ගලයා අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී ජාවාරම්කාර විදුහල්පතිව ගේ තොරතුරු හෙළි වූයේය.

එය සිදුවන බව මාධ්‍යවල කියැවෙන්නේ මෙසේය. මත්ද්‍රව්‍ය සහිතව අත් අඩංගුවට ගත් තරුණයා රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින විට ඔහුගේ සුවදුක් බැලීමට මෙම නල්ලමුදාවේ පදිංචි හමුදාවෙන් පැන ගිය පුද්ගලයා පැමිණ තිබේ. මේ පුද්ගලයාට තරුණයා පවසා ඇත්තේ සිය නිවසේ හෙරොයින් පාර්සලයක් අති බවත්, එය නිවස ආසන්න සියඹලා වැවේ සඟවන ලෙසත්ය. ඔහුගේ උපදෙස් මත අදාල පුද්ගලයා හෙරොයින් පාර්සලය වැව අසල සඟවා ඇත.

ඒ අතරතුරදී සැකකරු සිය පියාට පවසා ඇත්තේ, එම මත්ද්‍රව්‍ය තොගය සගයාගෙන් යළි ලබාගෙන නිවස පිටුපස සඟවන ලෙසටය. රුපියල් කෝටි 2කට වැඩි හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් පාර්සලය තුළ ඇති බැවින් සගයා එය සොරාගැනීමටද ඉඩ ඇති බව එහිදී සැකකරු සිය පියාට පවසා ඇතැයි පොලීසිය පවසා තිබිණි.

ඒ අනුව අදාළ සැකකරුගේ පියා එම හෙරොයින් තොගය සැඟවූ සගයා ලවාම නැවත ගෙන්වාගෙන ගල්නෑවේ පිහිටි සිය නිවස පසුපස වළදමා තිබේ. නල්ලමුදාවේ පුද්ගලයා අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී මෙම පුද්ගලයා සහ හෙරොයින් පාර්සලය ගැන තොරතුරු අනාවරණය වී තිබුණේය.

එම තොරතුරු අනුව අනුරාධපුර එප්පාවල පිහිටි විදුහල්පතිගේ නිවස සහ ඔහුට අයත් හෝටලය පොලිසිය විසින් පරික්ෂාවට ලක් කළේය. පොලිසිය පැවසුවේ එම අවස්ථාවේ දී විදුහල්පති සහ ඔහුගේ NPP නාගරික මන්ත්‍රී බිරිය දිස්නා නිරංජලා ද නිවසේ සිටි බවය.

විදුහල්පතිගෙන් ප්‍රශ්න කිරීම්වලින් පසුව හෝටලයට සහ නිවසට යාබදව පිහිටි ඈඳාගල සියඹලාව වැවේ සඟවා තිබූ පොලිතින් සීලර් දෙකක් මත්කුඩු කිරණ සූක්ෂම ඉලෙක්ට්‍රොනික තාරදියක් සහ පොලිතින් රෝලක් පළමු සොයා ගැනුණි.

තවදුරටත් ප්‍රශ්න කිරීමේ දී විදුහල්පති විසින් වළ දමා තිබූ හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 185යි මිලි ග්‍රෑම් 480ක් සොයා ගෙන තිිබිණි.

විදුහල්පති අත් අඩංගුවට ගත් පසු…

අත් අඩංගුවට ගත් විදුහල්පති අද (06) අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කළේය.
ඔහු තඹුත්තේගම මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කළේ ඉන් පසුවය.

මෙම පුද්ගලයා කලෙක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට ඇති බවත් ඔහුට මත්ද්‍රව්‍ය ලැබෙන ආකාරය සහ ඔහු සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳ විමර්ශනය කළ යුතු බැවින් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර දී ඇත්තේය. ඒ අනුව .එළඹෙන 12 වනදා දක්වා ඔහුව රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතය.

කෙසේ වෙතත් අප දකින්නේ එක්තරා ආකාරයක වික්ෂිප්ත භාවයකි. විදුහල්පතිගේ වත්කම් පරික්ෂා කරන බව මේ නාගරික මන්ත්‍රීවරියගේ ගිනුම් පරීක්ෂාවක් සිදුකරන බවට සහ මේ මත්ද්‍රව්‍ය ජාවාරමාගේ ජාවාරම පිළිබඳ කිසිම නිල ප්‍රකාශයක් පොලිසිය පැත්තෙන් සිදුවී නැත. වෙනදා නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අමුඩය ගසාගෙන රඟන රැඟිලි අපට මතකය. අප දකින්නේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ගැඹුර සහ ස්වරූපය පිළිබඳව ඉතිහාසයේ මෙතෙක් අනාවරණය නොවූ ප්‍රදේශයක් හෙළි දරවු වී ඇති බවය.

ජාවාරමා විදුහල්පතියෙකි. රටේ දරු පරපුර හදන්නට මූලික අඩිතාලම දමන ප්‍රාථමික පාසලක විදුහල්පතියෙකි. උගේ පුතා උපාධි ධාරියෙකි. අම්මා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියකි. මුන් තුන්දෙනා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ අදහසම කුජීත කර ඇත. දුප්පත්කම, නූගත්කම සමග එන අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය ගැන කතාව අහවරය.

එය අපට අලුත් ආරංචියකි. රටේ දරු පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් කුඩුවලට එරෙහි මෙහෙයුම් ආරම්භ වනවිට කුඩු විකුණන විදුහල්පතිවරුත් අනාවරණය වෙති. උගේ දරුවෝ ද එම ජාවාරමේ යෙදෙති. උන්ගේ මාලිමා සම්බන්ධකම් ද හෙළි වෙමින් ඇත.

දියෙන් කිරි වෙන් කරගත් හංසයන් මැවු ජාතික ජන බලවේගය තමන් ද මේ රටේ මිනිස් කුලකයෙන් තෝරාගත් පුද්ගලයින්ගෙන් සමන්විත කණ්ඩායමක් දේශපාලනයේ යොදවන බව තහවුරු කර ඇත. ඔවුන්ගේ නාගරික මන්ත්‍රීවරිය කුඩු ජාවාරමෙකුගේ බිරිය වූවා සේම පාතාල අපරාධකාර කොස්ගොඩ සුජීගේ ඥාති සොයුරියකද වන්නීය. කෙසේ වෙතත් ඇය ගෙදර ඇතුළේ සිද්ධවන කුපාඩිකම නොදැන සිටි බවට අපට සිතන්නැයි ජාතික ජන බලවේගය ඉගි කරමින් හිඳී. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ඇට්ටි හැලෙන නැටුම් ද නැත. අහුවී ඇත්තේ ලී කුඩු ගෝනියක් ගානට වැඩේ කූල් ය.

වැඩේ පටන් ගත්තා නම් දැන් ඉවර කළ යුතුව තිබේ. ඒ සැලකීමේ දී එක එක හැඳි වලින් එක එකාට බෙදා කෙලවා නොගැනීම ආණ්ඩුවේ වගකීමය. එකම බරකින් එකම ප්‍රශ්නයකට ආමන්ත්‍රණය කළ නොහැකි නම් ආණ්ඩුවේ අවසානය එය බව කිව යුතුව ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හෙරොයින් කිලෝග්‍රෑම් 1.5ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 680ක් සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 04ක් අත් අඩංගුවට…

Next Post

ධාවනය වන ලංගම බස් රථයක් මතට ගසක් කඩා වැටි පුද්ගලයෙක් මිය යයි… 10ක් රෝහලේ…

Related Posts

පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026
පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!
  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.