සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගේම් කාරයො කියලා හිතන් ඉන්න අයට කියන්නේ… අපි සිල් ගත්තු අය තමයි… ඒත් සිල් රෙද්දෙන් අත් බැඳලා පොකැට් එක කොල්ල කන්න නම් දෙන්නේ නෑ… වෛද්‍ය නජිත් ඉන්දික.

by editor
ජූනි 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ජන බලවේගය විනයක් සහිත ශීලයක් සහිත දේශපාලන ව්‍යාපරයක්  නමුත් සිල් රෙදෙන් අත් දෙක බැඳ පොකැට් එකට ගහන්නට නම්  ඉඩ දෙන්නේ නැති බව යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු අවධාරණය කළේ  ජනතාව බලය දී ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතනවල නීතිය අනුව බලය පිහිටුවීමට මන්ත්‍රීවරයෙක් දෙදෙනෙකුගේ කැමැත්ත ලබා ගැනීම අපරාධයක් සේ හුවා දක්වමින් ආණ්ඩුවෙන් ගේම ඉල්ලන ගේම් කාරයින් යැයි සිතාගෙන සිටිනා පුද්ගලයින් ගේ  ක්‍රියාවලියට  පමණක් නොව,  පනත්වල හිස් තැන්වලින් රිංගා පනින පැනිලි දෙස අත් දෙක බැඳගෙන බලාගෙන ඉන්නටත් ආණ්ඩුව සූදානම් නැති බවය.

වෛද්‍ය නජිත් ඉන්දික මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී කළ කතාව මෙසේය.

අද දවසෙත් පසුගිය දවස් තුනේත් පාර්ලිමේන්තුවේ කථිකයින්ගෙන් පලාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධව සහ ඒක සම්බන්ධව ජාතික ජන බලවේගයට ආණ්ඩුවට චෝදනා එල්ල කිරීමට විශාල වෙලාවක් වැය කළා. මම හිතනවා අපි ඒකට උත්තර දිය යුතුයි කියලා.

විශේෂයෙන්ම ‘දැන් ජාතික ජන බලවේගය කලින් වගේ නෑ… කවුද කට්ටියත් එක්ක එකතු වෙලා සභා හදනවා. හරි වැඩේ… මාර අපරාධයක් වෙලා තියෙන්නේ… බලන්නනකො’ කියලා කතා කරලා කියනවා.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ගරු සභාපති තුමියනි. මේක කතා කරනවා නම් අපි යන්න ඕන ප්‍රශ්නය මුලට. ප්‍රශ්නයේ මුල තමයි 2025 මැයි 06 වැනිදා. මේ පළාත් පාලන ඡන්දය තිබුණෙ එදා. ඒ ඡන්දෙදි හැමෝම පක්ෂ විදිහට ඡන්දය ඉල්ලුවා. ඡන්දෙදි මිනිස්සු දුන්නා ප්‍රතිඵළයක්. පළාත් පාලන ආයතන 339කට ඡන්දය තිබුණේ. එකෙන් 266ක් ජාතික ජන බලවේග ජයග්‍රහණය කළා. මේ කෑ ගැහුවට සමගි ජන බලවේගයට එක්සත් ජාතික පක්ෂයට කීය ද තිබුණෙ. එක්සත් ජාතික පක්ෂයට බින්දුවයි. පොහොට්ටුවට බින්දුවයි. සමගි ජන බලවේගයට දහතුනයි. දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරන්ගේ මහන්සිය ඔයගොල්ලන්ගේ ගොඩට දාගන්න යන්න එපා. ඒ ගොල්ල ඔයාලා එක්ක නෑනේ.

එහෙම තමයි තිබුනේ. අපි 239ක් ආයතන ජයග්‍රහණය කළා. පවතින නීතිය අනුව ඒ 239න් 151ක් අපට ඍජුව පිහිටුවන්න පුලුවන් වුනා. ඉතිරි 115ක තනිව පිහිටුවන්න බෑ. අපි දිනලා තියෙන්නේ. මේ ගොල්ල පැරදිලා තියෙන්නේ. දෙකක තුනක අඩුවක් තියනවා. එක තමයි මේ ඡන්ද ක්‍රමයේ විධිය.

හැබැයි ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණය වෙන්න ඕන මොකක්ද ?. එහෙමනම් දිනපු මිනිස්සු සභාව කරන්න එපැයි. මිනිස්සු ඡන්දය දීලා දිනවලා තියෙන්නේ ඒක කරන්න. එහෙම නැතිව සියයට 10ක් 15ක් ගත්ත අයට සභාව කරන්න නෙමෙයි. සියයට 10ක් ගන්න පක්ෂයෙන් සභාපතිලා පත් කරන එක ප්‍රජාතන්ත්‍ර විරෝධීයි.

එතකොට මේ අය මොකක්ද කළේ. අශුද්ධ සන්ධානයක් ප්‍රසිද්ධියෙ හැදුවා හදනවා ජාතික ජන බලවේගය පරද්දන්න එක්සත් ජාතික පක්ෂයයි, සජබයි, පොහොට්ටුවයි එක මේසයකට ගිහින් මාධ්‍ය සාකච්ඡාවක් ගත්තා. මොකක්ද එකේ පදනම. දිනන්නේ කවුරුවත් හදන්නෙ කවුරුවත්. එහෙනම් කොහොමද ඡන්ද තියන්නෙ. කොළඹ නගර සභාවෙ බලය ගන්න අමුඩෙ ගහගෙන අපි වැඩ කළා. මන්ත්‍රී ධූර 119න් සමගි ජන බලවේගය ගත්තේ මන්ත්‍රී ධූර 29යි. 119න් 29ක් අරන් නගර සභාවෙ නගරාධිපති පත් කරන්නේ කොහොමද?. මොකක්ද පදනම.

මේ ප්‍රතිඵලය විකෘති කරලා දූෂිත හවුලක් හදාගෙන මේ අය ගමනක් යන්න තමයි මේ අය උත්සාහ කළේ. එතකොට විපක්ෂය කියලා එකකට ඡන්දය දුන්නේ නෑ. විපක්ෂය කියලා එකකට ඡන්දය දුන්නෙ නෑ. මිනිස්සු ජන මතය දුන්නේ පක්ෂ වලට. එතකොට දිනපු අය පැත්තේ ඉද්දි එකයි දෙකයි තුනයි අපි ඔක්කොම එකතු වුනාම ලොකුයි කියලා සභා පිහිටුවන්න බෑ. නීතිය ගත්තට පස්සේ නීතිය රෙගුලාසිවල වචන තියනවා. ඒ වචන අතර හිස්තැනුත් තියනවා. ඒ හිස්තැන්වලින් රිංගලා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික දේවල් විනාශ කරන්න අපි ඉඩ දෙන්නෙ නෑ. එහෙම බලාගෙන ඉන්න ඕන නෑ.

දැන් අපිට චෝදනා කරනවා අපි දිනපු සබාවල කවුරුහරි මන්ත්‍රීවරයෙක්ගෙ කැමැත්ත අරන් සභා පිහිටුවනවා කියලා. එ්ක මාර කතාවක් නේ. සමගි ජන බලවේගයට පොහොට්ටුවත් එක්ක එකතු වෙලා අපි ඔක්කොම එකතුයි අපි පරද්දනවා කියලා වාඩි වෙලා සන්ධාන ගහන්න පුලුවන්. පහුගිය ඡන්ද තුනක් තිබ්බා. එහෙම එකක් කවදාවත් කිව්වෙ නැ.

ඒ වගේම මැතිවරණ තුනේදිම රාජපක්ෂලට බැන්නා. පහුගිය කාලේ රාජපක්ෂලට නඩු දැම්මේ අපි… ඔයාලා නෙමෙයි කියලා පාර්ලිමේන්තුවෙදි අපි එක්ක රණ්ඩු වෙන්න ආවා. දැන් මීක් නෑ. නිවුස් එනවා. හොර ඖෂධ ගනුදෙනු ගැන තොරතුරු එළියට එනවා. මීක් නෑ. පූස් පැටවු වගේ. වචනයක් කියන්නේ නෑ පොදුජන පෙරමුණට හරි රාජපක්ෂලට හරි ඒකෙ හිටපු දූෂිතයන්ට හරි. උඩින් අවුල් වෙනවා.

අපට එහෙම බාධාවක් නෑ. අපේ දේශපාලන ස්ථාවරය වෙනස් වෙලා නෑ. අපට කිසිම පක්ෂයක් එක්ක එහෙම ගනුදෙනුවක් නෑ. අපි සභා හදනවා ඒ පක්ෂවල මිනිස්සුත් එක්ක. ඒක තැනින් තැනට වෙනස් වෙනවා. .මොකද අපි සභා හදන්නේ අපි දිනපු සභාවල.

මොනවද මේ අය කරන්නේ. කොහෙන්ද මේ තීරණ ගත්තේ. මොකක්ද සන්ධානයේ නම. පාක්ෂිකයො දන්නව ද මේක. මොනවද මේ අය කරන්නේ. එහෙම ගන්නේ නෑ. එහෙම ගන්නේ නැති වෙනකොට ඒ පක්ෂවල මිනිස්සු ඇවිත් අපට සහයෝගය දෙනවා තමයි.

උදාහරණයක් කියන්නම්. කුලියාපිටිය අපි ආසන 21ක් අරන් දින්නා. නමුත් සභාපති කළේ කවුද?. මන්ත්‍රී ධූර 06ක් ගත්ත පොහොට්ටුව. ඊට පස්සේ උඩුබද්දාව අපි 09ක් අරන් දින්නා. පොහොට්ටුවෙන් සභාපති කළේ. එක සභාවක්වත් දිනලා නෑ ඡන්දයෙන්. මේ ඡන්ද ප්‍රතිඵලය එහෙම විකෘති කරන්න බෑ. එහෙනම් මොකක්ද ඒකේ ප්‍රතිඵලය. ප්‍රතිපත්ති අදාලත් නෑ. ප්‍රජාතන්ත්‍රවාදය අදාලත් නෑ. මොකක්ද ඒ දේශපාලනය. සමගි ජන බලවේගයටයි පොහොට්ටුවටයි එකතු වෙන්න කවුද ජන වරමක් දුන්නේ. එහෙම දීලා නෑ.

දැන් මෙහෙම කරද්දි මේ අය හිතනවා අපි මේක දිහා බලන් ඉන්න ඕන කියලා. හරි… අපිට දෙකයි මදි. ඔයාල එකයි දෙකයි තුනයි එකතු කරලා හදාගන්න. අපි බලන් ඉන්නම්. අර ඔහේගේ නම් ඔහේ ගන්න – හොඳ නෑ නොවැ දොස් කියන්න කියලා. එහෙම ඉන්න අපිට පිස්සු නෑනේ. අපි දිනපු සභා අපි හදන්න ඕන. මිනිස්සු බලය දුන්නේ අපට සභා හදන්න. නැතිනම් පරාජිතයින්ට එකතුවෙලා හදන්න නෙමෙයි. ඒක තමයි මේක මූලික ඇත්ත. එහෙම නැතිව ඡන්ද තියාගන්න ඕන නෑනේ.

මිනිස්සු මේ ගොල්ල එකට තියලා පැරැද්දුවෙ හේතුවක් ඇතිව. ඒක නිකම් විනෝදෙට කරපු වැඩක් නෙමෙයි. එතකොට මිනිස්සු අපිව දිනවලා තිබ්බොත් යම් සභාවක ඒ සභාව පවතින නීතියට අනුව අපි හදන්නේ නැතිව අපි මොකක්ද කරන්නේ. එතකොට ඒක කොහොමද වැරැද්දක් වෙන්නේ. සභා හදන්න මන්ත්‍රී ධූර අපට ගෙදරින් ගේන්න බෑ නේ. එතකොට මිනිස්සු පත් කරලා එන මන්ත්‍රී කෙනෙකුගෙ සහයෝගය අරන් තමයි අපි සභා හදන්නේ. හැබැයි පැහැදිලිව කියනවා. මේ පක්ෂත් එක්ක ඩීල්වලට ගිහින් නෑ. ගියානම් අපට කෑ ගහන්න ඕන නෑනේ. අපි ඒ සභාවල ඉන්න තනි තනි මන්ත්‍රීවරු එක්ක එකඟතා හදාගෙන තියනවා අපි දිනපුවා හදන්න. ඒක තමයි මේකේ පදනම.

එතකොට අපි මේකේ ගේම් ගහනවා කියලා කියනවා නේ. මේ අය දේශපාලනය කියලා දන්නේ ගේම් ගහන එක තමයි. මෙයාලා මෙච්චරකල් කළේ ඒක තමයි. මොක්ක හරි ඇමති කමක් ගන්න ඒ පැත්තට පනිනවා. මේ පැත්තට පනිනවා. බතික් ඇමතිකම හරි කමක් නෑ.

මේ අය හිතනවා ගේම්වලින් ගොඩ යන්න පුලුවන් කියලා. නමුත් මම මෙතන කියනවා ඔය ඔක්කොම ගේම් තමන්ගේ පුද්ගලික උවමනාවන්. තමන්ට සලිල් ටිකක් හම්බ කරගන්න. තමන්ගේ පවුල ගොඩ දාගන්න. එහෙම අය දැන් හිතන් ඉන්නවානම් ඒක මාර ලොකු වැඩක්… ඒ ගොල්ලන්ට ලොකු දේවල් කරන්න පුලුවන් කියලා. සභාපති තුමනි මම කියන්න ඕන මෙතන පුද්ගලිකත්වය අත්හැරලා පොදු අරමුණකට ආපු මිනිස්සුන්ට ඊට වඩා ගොඩාක් දුර යන්න පුලුවන් ඒ අරමුණ වෙනුවෙන්. මේ ජාතික ජන බලවේගයෙ ඉන්නේ එහෙම මිනිස්සු. ඒ නිසා ඒ පාරවල්වලින් එනවා නම් අපි කරලා බලමු. කාටද වැඩිපුර කරන්න පුලුවන් කියලා.

ඒ නිසා එහෙම ඉඩ දෙන්නේ නෑ. මිනිස්සු අපිව දිනවලා තියනවා. අපි ඒ සභාවල බලය පිහිටුවනවා. අපි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්නෙ ඒ අරමුණින්. කවුරුහරි මන්ත්‍රීවරයෙකු එක්ක අපි දිනපු පළාත් පාලන ආයතනයක බලය පිහිටුවාම මේ අය අහනවා ඔයගොල්ල එකතු වෙන්නේ නෑ කිව්වා නේද?. කවුරුවත් එකතු කරගන්නේ නෑ කිව්වා නේද කියලා අහනවා.

එහෙම එකක් නෑ. එයාල මේ හදන්නේ මේකයි. ඔයාල සිල් අරන්නෙ ඉන්නේ. ඇයි ඔයාල සිල් බිඳගන්නේ…. මේකයි. සිල් අරගන්න වෙලාවට සිල් ගන්න එක ඇත්ත සභාපති තුමියනි. හැබැයි සිල් රෙද්දෙන් අපේ අත් දෙක බැඳලා පොකැට් එකට ගහන්න ඉඩ දෙන්නෙ නෑ මේ ගොල්ලන්ට. මේ අපි දිනපු සභා. දිනපු සභා අපි පිහිටුවනවා. එකේ ආයෙ අමුතු අපභ්‍රංශයක් නෑ.
”
ගේම් කාරයො කියලා හිතලා දෙන්නම් ආණ්ඩුවට කියලා එකතුවෙලා ගේම් ගහන්න එන්වා නම් මහත්වරුනි… එහෙම බෑ. දිනපු සභා අපි හදනවා. පනත්වල හිස්තැන් වලින් පනින්න ලෑස්ති වෙන්න එපා. අපි ඒක දිහා අත් දෙක බැඳන් බලාගෙන ඉන්නේ නෑ…”

Share69Tweet43
Previous Post

මෛත්‍රීට එරෙහිව අපරාධ මූල්‍ය කොට්ඨාසයේ පැමිණිල්ලක් ගොනු වෙයි…

Next Post

ආර්ථික සහ සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වේ!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.