ආර්ථික සහ සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම අද (20) සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ඔහු සිය ඉල්ලා අස්වීම අද කථානායකවරයාට භාර දී ඇත. මේ බව ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කර තිබේ.
ඔහු සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වී ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන විශ්‍රාම යෑමෙන් අනතුරුව පුරප්පාඩුවන මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයේ වැඩ භාර ගැනීම සඳහා බව වාර්තා වේ.







