ශ්‍රී ලංකාවට ජනවාරි 22 ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර කල්පිරීම ගෙවීමට හැකියාවක් නැතැයි කෑ ගැසූ පුද්ගලයන් රජය එය ගෙවීමට සූදානම් වූ විට එය නොගෙවිය යුතු බව දැන් කෑගසන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ආනයන 2021 වන විට ඩොලර් බිලියන 21.6 දක්වා ඉහළ ගොස් ඇති බවය.
2020 දී එය ඩොලර් බිලියන 16.1 ක් වූ අතර 2019 දී එය පැවතියේ ඩොලර් බිලියන 19.9 ලෙසය.
2015-19 දක්වා වූ වසර 5 තුළ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර තොගය ඩොලර් බිලියන 5 සිට බිලියන 15 දක්වා වැඩි වූ බව ද මහබැංකු අධිපතිවරයා පෙන්වා දෙයි.
දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 79 සිට බිලියන 84 දක්වා පමණක් වර්ධනය වූයේ IMF වැඩසටහනක් යටතේ ශ්‍රී ලංකාව සිටියදී බව ද ඔහු සිහිපත් කරයි.
වත්මන් පරිපාලනය නිවැරදි කරමින් සිටින බරපතල ආර්ථික අසමතුලිතතාවය එය බව ද අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.