ගෙදර ඉඳන් කොරෝනා රෝගියකු බලාගන්නේ කොහොමද? සෞඛ්‍ය මගපෙන්වීම නිකුත් වෙයි

කොවිඩ් අසාදිත රෝගියෙකු නිවස තුල තුළ හුදකලා කිරීම සහ කළමනාකරණය පිළිබඳ මාර්ගෝපදේශනය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

මේ වන විට රෝහල් ධාරිතාවය ද ඉක්මවමින් ආසාධිතයන් ඉහළ යාම හේතුවෙන් වෛද්‍ය අධීක්ෂණය යටතේ සුළු රෝග ලක්ෂණ පෙන්වන සහ රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින් නිවාස තුළ සිට වෛද්‍ය අධීක්ෂණය යටතේ කළමනාකරණය කිරීම සඳහා මෙම මාර්ගෝපදේශනය නිකුත් කර ඇත .

කිසියම් පුද්ගලයකු පීසීආර් පරීක්ෂණයකින් හෝ Rapid antigen පරීක්ෂණයකින් ආසාදිතයකු බවට තහවුරු වුවහොත් දැඩි රෝග ලක්ෂණ හෝ වෙනත් සංකූලතා නොපෙන්වයි නම්, වයස අවුරුදු 2ත් 65 ත් අතර පුද්ගලයන් පමණක් මේ අයුරින් නිවාසවල රඳවා කළමනාකරණය කිරීමට පියවර ගෙන ඇත.


ඒ අනුව අවුරුදු දෙකට අඩු සහ 65ට වැඩි පුද්ගලයන් අතරමැදි රෝහල් හෝ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කෙරෙනු ඇත.

මෙලෙස නිවාස තුල සිට කළමනාකරණය කරන රෝගීන් වෙනුවෙන් නිවාසවල තිබිය යුතු අවම පහසුකම් පිළිබඳව ද සෞඛ්‍ය අමාත්‍යාංශය තම මාර්ගෝපදේශයේ සඳහන් කර තිබේ.

ඒ අනුව ඔවුන් වෙනම හොඳින් වාතනය කළ හැකි කාමරයක් තුළ ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් සහිතව රැඳවීම පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් තහවුරු කළ යුතුය.

එමෙන්ම ස්ථූලතාවය, දියවැඩියාව, අධි රුධිර පීඩනය, නිදන්ගත හෘද හෝ පෙනහළු, වකුගඩු හෝ වෙනත් සංකීර්ණ රෝග තත්වයන් ඇති පුද්ගලයන් මෙලෙස නිවාස තුළ තුල කළමනාකරණය නොකෙරේ.

වෙනත් ප්‍රතිශක්තිකරණය හීන වන රෝගාබාධ නොමැති පුද්ගලයන් මෙලෙස නිවස තුළ කළමනාකරණයට කටයුතු කෙරෙනු ඇත.

මෙවැනි ආසාදිතයකු නිවසේ රැකබලා ගැනීමට සහ කළමනාකරණය කිරීමට ප්‍රමාණවත් සාමාජිකයන් සහය සඳහා පවුලේ සිටිය යුතුය.

නිවස තුළ හුදකලා කරන රෝගියා හෝ සත්කාරක සපයන්නන් සමග වෛද්‍ය අංශවලට පහසුවෙන් ළඟා විය හැකි සන්නිවේදන පහසුකම් සහිත විය යුතුය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හරහා විශේෂ නිවාසවල කළමනාකරණය සිදුවන රෝගීන් සම්බන්ධ විශේෂ දත්ත පද්ධතියක් ස්ථාපනය කිරීමට ද කිරීමටද නියමිත අතර සියළුම රෝගීන්ගේ දත්ත හා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ එම දත්ත පද්ධතියට ඇතුලත් කෙරේ.

මෙම රෝගීන් දෛනිකව අධීක්ෂණය කිරීමට සහ ඔවුන්ගේ දුරකතන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීමට වෛද්‍ය කණ්ඩායමක් සෑම මොහොතකම සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයකම සූදානමින් තිබෙනු ඇත.

තමන්ට පවතින රෝග ලක්ෂණ තවදුරටත් වර්ධනය වීමේ ස්වභාවයක් පෙන්නුම් කරන හුස්ම ගැනීමේ අපහසුතා පෙන්නුම් කරන රෝගීන් කඩිනමින් රෝහල් ගත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුයි එය අදාළ අදාල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ වගකීමකි.

නිවාසවල කළමනාකරණය කෙරෙන ආසාදිතයින් හැමවිටම වෛද්‍ය උපදෙස් අනුගමනය කළ යුතුය.

විශේෂයෙන්ම විවේක ගැනීම දියර වර්ග වැඩිපුර පානය කිරීම සමතුලිත ආහාර වේලක් ලබා ලබා ගැනීම සම්බන්ධයෙන් රෝගීන් කටයුතු කළ යුතුය රෝගීන්ට සත්කාර කරන අයද ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

රෝග ලක්ෂණ පෙන්නුම් කරන ආසාදිතයින් වෙත ඖෂධ ප්‍රතිකාර බලධාරීන් විසින් ලබා දෙනු ඇත. ඒවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හරහා සම්බන්ධීකරණය කිරීමට නියමිතය.

මෙම ආසාදිතයින් කිසිවිටෙකත් වේදනා නාශක භාවිත නොකළ යුතු අතර එලෙස භාවිත කරන්නේ නම් එය වෛද්‍ය උපදෙස් මත පමණක් විය යුතුය.

දීර්ඝ කාලීනව එවැනි ඖෂධ (NSAID) ලබාගන්නා පුද්ගලයින් මෙම කාලය තුළ ඒවා ලබා ගැනීමේදී වෛද්‍ය උපදෙස් මත පමණක් ලබා ගැනීම කළ යුතුය.

ආසාදිතයා වෙත නිවසේ සත්කාර කරන පුද්ගලයන් හෝ පවුලේ සාමාජිකයන් පුද්ගලයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව අදාළ උපදෙස් පිළිපැදිය යුතුය. විශේෂයෙන් ඔවුන් පෞද්ගලික ආරක්ෂණ කට්ටල පැළඳිය යුතු බවට නිර්දේශ කර තිබේ. එමෙන්ම සනිපාරක්ෂක කටයුතු ද ලැබෙන උපදෙස් පරිදි සිදු කළ යුතුය.

සත්කාරක සපයන්නා කිසිදු වෙලාවක රෝගියාගේ ආසාදිතයා විසින් භාවිත කරන තුවා ඇඳ ඇතිරිලි ඇඳුම් ස්පර්ශ කිරීමේ දී සෞඛ්‍ය ආරක්ෂිතව ක්‍රියා දැඩි ලෙස අනුගමනය කළ යුතුය.

ආසාදිත පුද්ගලයාට කුමක් හෝ අපහසුතාවක් පැමිණියහොත් 1990 හදිසි ගිලන් රථ සේවයට ඇමතිය යුතුය .

මෙවැනි ආසාදිතයෙකු නිවසේ සිටින විට කසල බැහැර කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ උපදෙස් මත පමණක් එම මග පෙන්වීම අනුව කළ යුතු වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දින 14ක් ගතවීමෙන් පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාගේ අනුමැතිය පරිදි පමණක් ආසාදිතයන් හුදකලා ස්වභාවයෙන් බැහැර කිරීමට නිර්දේශ කරනු ඇත.

Exit mobile version