ගෙදර ඉන්න රෝගීන් විටමින් හැර වෙන කිසි බෙහෙතක් හිතුමතේ ගන්න එපා

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් ආසාදිත ව නිවාසවල රැඳී සිටින රෝගීන් විවිධ පුද්ගලයන්ගේ උපදෙස් මත ඩෙක්සමෙතසොන් වැනි ස්ටිරොයිඩ ඖෂධ භාවිත කිරීමට යොමු ව සිටින බවත් නිසි වෛද්‍ය උපදේශකයින් තොරව එවැනි ඖෂධ ලබා ගැනීමෙන් අනවශ්‍ය සෞඛ්‍ය ගැටලු රැසක් නිර්මාණය විය හැකි බවත් ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනරත්න ඊයේ (24) පැවසීය.
වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ මේ වනවිට ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය විසින් ආරම්භ කර ඇති පැය 24ක් පුරා ක්‍රියාත්මක වන 247 ක්ෂණික ඇමතුම් සේවාව හරහා වෛද්‍යවරුන් වෙත නිවාසවල සිටින රෝගීන්ගෙන් ලැබණු ඇමතුම්වලදී මෙම තත්ත්වය අනාවරණය වූ බවය. ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය මේ වනවිට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් භාවිත කර මේ වනවිට කාවිඩ් ආසාදිතව සහ එම රෝග ලක්ෂණ සහිතව නිවාසවල රැඳී සිටිමින් ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දීමේ ඇමතුම් සේවයක් ක්‍රියාත්මක නර තිබෙනවා. ආරම්භක දිනයේ සිට අපට විවිධ විමසීම් දිගටම නවතා ඒ ගැන අපේ වෛද්‍යවරුන් සොයා බැලුවාම නිරීක්ෂණය කළ දෙයක් තමයි මෙම රෝගීන්ට ඩෙක්සමෙතසොන් කියන ස්ටීරොයිඩ කාණ්ඩයේ ඖෂධය ලබා දීමය. එහෙත් මෙම ඖෂධය හිතුමතේ භාවිතය ඉතා භයානකයි. විශේෂයෙන් රුධිරගත සීනී ප්‍රමාණය ඉහළ රෝගීන්ට මෙම ඖෂධයෙන් අනවශ්‍ය අවදානමක් මතුවෙනවා. ඔබ දුටුවා පසුගිය දවස්වල කළු පුස් රෝගය ඇතැම් රෝගීන්ගේ මෙළයට ආසාදනය වෙලා. ඇස් අන්ධ වෙලා මෙවැනි තත්ත්වයක් දක්වා වර්ධනය කරවන්න ඩෙක්සමෙතසොන් හේතුවක් වෙන්න පුළුවන්. මේ නිසා විටමින් අතිරේක හැරෙන්නට කොවිඩ් රෝගියකු හෝ එවැනි රෝග ලක්ෂණ පවකින රෝගියකු වෙනත් කිසිදු ඖෂධයක් භාවිත නොකළ යුතුයි.“ යනුවෙන් සඳහන් කළේය.
ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයෙන් ක්‍රියාත්මක වන ක්ෂණික ඇමතුම් සේවය සතියේ දින හතේම පැය විසි හතරක් මුළුල්ලේ ක්‍රියාත්මක වන බවත් එවැනි ඕනෑම මොහොතක තමන්ගේ සෞඛ්‍ය ගැටලුව ප්‍රකාශ කළහොත් අවශය පියවර සහ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රෝගියා සහ පවුලේ අය දැනුවත් කළ හැකි බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

Exit mobile version