ගෘහස්ත ගෑස් සිලින්ඩර් ගැන අතිවිශේෂ ගැසට් පත්‍රයක්

දිවයින පුරා ගෑස් පාර්භෝගිකයන්ට මිලට ගැනීම සදහා කිලෝග්‍රෑම්‌ 12.5 ගෘහස්ථ එල්‌.පී. ගෑස්‌ සිලින්ඩර වෙළෙදපොළේ තිබිය යුතු බවට නිෂ්පාදකයන්ට දන්වමින්‌ අද (ජූනි 9) සිට බලපැවැත්වෙන පරිදි අතිවිශේෂ ගැසට් පත්‍රයක්‌ නිකුත්‌ කර තිබේ.

එමෙන්ම එම සිලින්ඩර විකිණීම ප්‍රතික්ෂේප කිරීම ද මෙම ගැසට් පත්‍රය ඔස්සේ වළක්වා ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති මේජර්‌ ජෙනරල්‌ ශාන්ත දිසානායක මහතාගේ අත්සනින්‌ යුතුව එම ගැසට් පත්‍රය නිකුත්‌ කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්‌ ම, රට තුළ වෙළඳාම්‌ කිරිම්‌ සඳහා කිලෝග්‍රෑම්‌ 12.5 බරැති ගෘහස්ථ ගෑස්‌ සිලින්ඩර, තම සන්තකයෙහි හෝ භාරයෙහි හෝ තම පාලනය යටතේ ඇති කිසි ම වෙළෙන්දෙකු එම ගෘහස්ථ ගෑස්‌ සිලින්ඩර විකිණිම ප්‍රතික්ෂේප කිරිම් හෝ එම සිලින්ඩර මිලදී නොගැනීමට සෘජුව භෝ වක්‍රාකාරයෙන්‌ පාරිභෝගිකයින්ට බලපෑම්‌ කිරිම්‌ නොකළ යුතු බවට ද එම ගැසට් පත්‍රය මගින්‌ විධාන කර ඇත.

Exit mobile version