බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

‘ගෑස් – හාල් – තෙල් මිල ඉහළ යාම් තාවකාලික ප්‍රශ්න විතරයි’ – ඇමති ජොන්ස්ටන්

by Lanka Sara Editor
ඔක්තෝබර් 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

හාල්, සීනි, ගෑස්, තෙල් මිල ඉහළ යාම් තාවකාලික ප්‍රශ්න පමණක් බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ මහනුවර මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචන රැස්වීම පසුගියදා මහාමාර්ග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති අවස්ථාවේදි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී මාධ්‍යවේදියා විමසා සිටියේ ‘මාධ්‍ය සාකච්ඡාවේදි තහවරු වුනා ශ්‍රී ලංකාවෙයි ලෙබනන් වලයි පමණයි ඩොලර් හිග වුනේ කියලා. ශ්‍රී ලංකාවේ ආර්ථික කළමනාකරණයේ දුර්වලතාවයක් තියෙනවද?’ යැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා,

“ඩොලර් අච්චු ගහන්න බැහැ. ලොකු අර්බුදයකට මුහුණ දුන්නා මේ වසංගතයත් එක්ක. ලෝක බැංකුවෙන් විසින් ඩොලර් මිලියන කීයක් මේ ආර්ථිකයට දැම්මද. අපිට විදේශිකයන් එන එක නතර වුණා. ඒකෙන් ඩොලර් බිලියන ගානක් අපේ රටට එන එක නතර වුණා. එම නිසා යම් යම් සීමාවල් දාලා පරිස්සමෙන් අපි මේක හසුරවා ගත්තා. මිනිසුන්ව බඩගින්නෙ තිබ්බේ නැහැ. භාණ්ඩ මිල යම්කිසි විදිහකින් වැඩි වුණා. අපි ඒක පිළිගන්නවා. නමුත් මේ හැම අර්බුදයක්ම මතු වුණේ මේ කොවිඩ් වසංගතය නිසා. මේවා ඉතාමත්ම තාවකාලික දේවල්. තාවකාලික සටන්පාඨ තියෙන්නේ විපක්ෂයට. හාල්, සීනි, ගෑස්, තෙල් ප්‍රශ්න තාවකාලිකයි. මේවා තාවකාලික ප්‍රශ්න හැටියටයි අපි දකින්නේ.”

RelatedPosts

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් පවතින අධික මාර්ග තදබදය අවම කිරිම සදහා මංසන්දි පුළුල් කිරිම, පදිකයින් මහාමාර්ගය හරහා ගමන් කිරිම අවම කිරිම සදහා හදුනාගත් ස්ථාන වල පදික උමං මාර්ග සහ මගී ගුවන් පාලම් නිර්මාණය කිරීම යනාදී කටයුතු සැලසුම් කර ඇති බවත් එම සැලසුම් වලින් වැඩි ප්‍රමාණයක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත භාර අධ්‍යක්ෂවරයා විසින් මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමේදී විෂයභාර අමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන් හට පෙන්වා දෙන ලදී.

මහනුවර, කෑගල්ල, නුවරඑළිය යන දිස්ත්‍රික්ක එකිනෙක සම්බන්ධවන ගැටඹේ මංසන්දියේ ඉදිවන ගුවන් පාලමේ වැඩකටයුතු කඩිනමින් අවසන් කර දෙන ලෙස මෙම අවස්ථාවේදී මධ්‍යම පළාත නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් විසින් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී.

පේරාදෙණිය මංසන්දියේ සිට ගන්නෝරුව මංසන්දිය තෙක් ඇති මාර්ගය මංතීරූ 4ක් යටතේ සංවර්ධනය කිරිම සහ එම මාර්ගයේ ඇති පැරණි පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරිම, හීරැස්සගල මංසන්දිය පුළුල් කිරිම, බූවැලිකඩ මංසන්දිය පුළුල් කිරිම, වේලස් පාර්ක් මංසන්දිය පුළුල් කිරීම යන ව්‍යපෘතීන් ක්‍රියාත්මක වන අතර මහනුවර දුම්රිය ස්ථානය අසල නව ගුවන් පාලමක් ඉදිකිරිම මහනුවර නගරයේ පවතින දැඩි රථවාහන තදබදය අවම කිරිම සදහා යෝජිතය.

එමෙන්ම 2021 අයවැය යෝජනා යටතේ විලියම් ගොපල්ලව මාවත සංවර්ධනය කිරිම, බරිගම – හල්ඔළුව මාර්ග සංවර්ධනය කිරිම, අලදෙණිය ඊරියගම මාර්ගය සංවර්ධනය කිරීම, කටුගස්තොට – ගලගෙදර මාර්ගය මංතීරු 4ක් යටතේ සංවර්ධනය කිරීම, ලුවී පීරිස් මාවත සංවර්ධනය කිරිම, ධර්මරාජ විදුහලේ සිට තැන්නේකුඹුර දක්වා මාර්ගය සංවර්ධනය කිරීම, පේරාදෙණිය – හල්ඔළුව – කටුගස්තොට මාර්ගය සංවර්ධනය කිරීම, දුටුගැමුණු මාවත සංවර්ධන කිරීම, 2වන රාජසිංහ මාවත සංවර්ධනය කිරිම, ගෙලිඔය මාර්ගය මංතීරු 4ක් යටතේ කඩිනමින් සංවර්ධනය කෙරේ.

දැනට ශක්‍යතා අධ්‍යනය අවසන් කර ඇති සුදුහුම්පොළ සිට තැන්නේකුඹුර දක්වා ඉදිකිරීමට යෝජිත මහනුවර උමං මාර්ග ව්‍යාපෘතිය කෙරෙහි ද පොතුහැර සිට ගලගෙදර දක්වා ඉදිකරන මාධ්‍යම අධිවේගී මර්ගයේ තෙවන අදියරේ ඉදිකිරීම් කෙරෙහිද අමාත්‍යවරයා විශේෂ අවධානය යොමු කරන ලදි.

මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්ණවලට පිලිතුරු දුන් අමාත්‍යවරයා,

පාඨලි චම්පික හිටපු අමාත්‍යවරයා මාධ්‍ය සාකච්ඡාවක දී පැවසුවා ඉන්ධන රු.121 දෙන්න පුළුවන්කම තියාගෙන මේ රජය ජනතාව මත බර පටවලා තියනවා යැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා

පාඨලීට ගණන් කියන්න නම් පුළුවන්. නමුත් පාඨලීගේ ගණන් ජනතාව පිළිගත්තේ නැහැ. ඒක නිසා පැරැද්දුවා නේ ඒ අයගේ ආණ්ඩුව.ඔවුන්ව ජනතාව කුණු බක්කියට දැම්මා. ඔය කියන කතා වලංගු වෙන්න පුළුවන් ජනතාව ඒ ආණ්ඩුව පිළිගත්ත නම්. ඔවුන්ගේ කතාවලින් මේ රටේ අර්බුදයක් ඇති කරන්න හදනවා. මතයක් ගොඩනඟන්න හදනවා. ඒකනේ විපක්ෂය තමන්ගේ වෘත්තිය සමිතිවල නායකයෝ එවලා තෙල් නැහැ කියලා ප්‍රචාර යවන්නේ. එතකොට මිනිසුන් පෝළිමේ තෙල් ගන්න යනවා. මෙවැනි අර්බුද ඇති කරනවා. නමුත් දැන් ඒක රටේ ජනතාව දන්නවා. අපි පැහැදිලිව කියනවා මිනිස්සුන්ගෙන් මේ ආණ්ඩුව ගසාගෙන කන්නේ නැහැ කියලා. මේ ආණ්ඩුවේ ජනාධිපතිතුමා මහ බැංකුවේ සල්ලි හොරා කාලා නැහැ. දූෂණයෙන් තොර රටක් පාලනය කරන්න එතුමා ඉදිරිපත් වෙලා ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ හැම අර්බුදයක්ම තාවකාලිකයි.

ජනතාව කියනවා පොහොර ප්‍රශ්නය නිසා වගාකරන්න බැහැ කියලා. විපක්ෂය කියනවා ඒ නිසා සාගත තත්වයක් ඇති වෙනවා කියලා යැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා
අපි පැහැදිලිව කියනවා එවැනි සාගතයක් එන්නේ නැහැ කියලා. විපක්ෂයට තමයි සාගතය එන්නෙ. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ගොවියවන් මරාදාපු පක්ෂයක්. ගොවිජන මධ්‍යස්ථාන වල තිබුණු ට්‍රැක්ටර් කීයක් නම් ඔවුන් ගිනි තිබ්බාද. අපේ ආණ්ඩුවේ ප්‍රධාන ශක්තිය ගොවියන් බව ඔවුන් දන්නවා. ඔවුන් හදන්නේ මේ සුළුතර පක්ෂ එකතු වෙලා මතයක් ගොඩනඟන්න. ඔවුන් ගොවියන්ට කැමති අය නොවෙයි. ඔවුන් ගොවීන් විනාශ වෙනවා දකින්න කැමති අය. හේතුව ගොවි ප්‍රදේශවල ජනතාව ප්‍රේමදාස මහත්තයාටවත් දිසානායක මහත්තයාටවත් පය ගහන්න දෙන්නේ නැහැ. අනුරාධපුර, පොලොන්නරුව කුරුණෑගල, හම්බන්තොට, මොණරාගල ගත්තොත් අපි විශාල ලෙස ජයග්‍රහණය කරපු ප්‍රදේශ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, ප්‍රේමදාස මහත්තයලගේ දිසානායක මහත්තයලගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල තිබුන වකුගඩු රෝගය සම්බන්ධයෙන් තිබුණු ප්‍රතිපත්ති තමයි මේ වන විට ක්‍රියාත්මක කරලා තියෙන්නේ. රටේ ජනතාවට සැබෑ ලෙස ආදරය කරනවානම් ඔවුන් ඒවට සහයෝගය දක්වන්න ඕනේ. එක විදිහට පඹයෝ හදලා එක විදිහට පෝස්ටර් ගහලා තිබෙනවා මහින්දානන්ද ඇමතිතුමාගේ. මේ මඩ ප්‍රහාරවල පිටුපසින් ඉන්නේ වෙන කවුරුවත් නෙමෙයි, ගොවිජන මධ්‍යස්ථාන විනාශ කරලා ගොවියන්ව මරා දාපු ජනතා විමුක්ති පෙරමුණ.

අලුත් ව්‍යවස්ථාව එක්ක පළාත් පාලන මැතිවරණය තියනවද යැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා,

ව්‍යස්ථාව අලුතෙන් හදන්න ඕන කියන මතය අපේ ප්‍රතිපත්තිවලත් තිබුණා. අපි ඒවා ගැන සාකච්ඡා කළා. එය වහාම සෑදිය යුතුයි. පසුගිය අවුරුදු එකහමාර තුළ අපිට එය කරගන්න හැකියාව තිබුණේ නැහැ. ව්‍යවස්ථාව හදන්න කලින් අපිට තිබුණෙ මරණයෙන් බේරෙන්නේ කොහොමද කියන එක. ඒ සටනේ තමයි අපේ රජයේ හිටියේ. විසිදාහක් මැරෙයි කිව්වා. ලක්ෂ දෙකක් මැරෙයි කිව්වා. එන්නත ගෙන්නන්න බැරි වෙයි කිව්වා. එන්නත ගෙනාවත් ගහන්න ඉඩ දුන්නේ නැහැ. පුළුවන් තරම් කළේ කකුලෙන් අදින එක. දැන් අපි වැඩ කරන්න පටන් අරගෙන තියෙනවා. පහුගිය අවුරුදු එකහාමාරෙත් වැඩ කෙරුවා. අපි දීපු පොරොන්දු විපක්ෂය මතක් කරන්න කලින් අපේ ජනාධිපතිවරයා මතක් කරලා කිව්වා ව්‍යවස්ථාව සංශෝධනය වෙන්න ඕනි කියලා. ඡන්දය තිබිය යුතුයි. ඡන්දය කියන්නේ මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ප්‍රේමදාස මහත්තයාත් කියනවා විසුරවලා ඡන්දය තියන්න කියලා. ඡන්ද වලට අපි නම් භය නැහැ. එතුමන්ලා ඡන්දවලට බයේ හැංගුන අය කොවිඩ් කියලා. ඡන්ද වලට කොහොමත් අපි බය නැහැ.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, ඇතුළු මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තොරොම්බල් කර රටට ගෙනා “නැනෝ නයිටජ්‍රන්“ ගැන මෙතෙක් කිසිවෙක් නොකී ඇත්තම ඇත්ත….

Next Post

ඇමතිගේ පඹයෙක් පුච්චා මහවැලි  ගොවීන් අදත් උද්ඝෝෂණයේ…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.