ලලිත් චාමින්ද –
ලෝක උරුම ගාලුකොටුව පරිශ්‍රයට ඇතුළුවන විදේශිකයින්ගෙන් ඩොලර් 15ක මුදලක් අයකරගැනිමට ගාලු උරුමය පදනම ගෙන ඇති තිරණයට ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු සමස්ථයෙන් බරපතල විරෝධයක් මතු වූයේය.
මෙම විරෝධය මතුවූයේ උක්ත කාරණාව සම්බන්දයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ (13) පස්වරුවේ දි ගාල්ල ශ්‍රි සුදර්මාලය විහාරස්ථානයේ දි පැවති රැස්විමේ දී ය. .
මෙම රැස්විම ගාලු උරුමය පදනම මගින් කැදවා තිබු අතර මේ සඳහා ගාලු උරුමය පදනමේ සභාපති නිලාන්කුරේ සහ ගාලුකොටුව පරිශ්‍රය තුළ සංචාරක ව්‍යාපාරයේ නිරත ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ගාලුකොටුව පරිශ්‍රයට ඇතුළුවන විදේශිකයින්යන්ට ප්‍රවේශය පත්‍රයක් නිකුත්කොට ඩොලර් 15ක මුදලක් අයකිරීමට ගෙන ඇති තිරණයට ගාල්ල ශ්‍රි සුදර්මාලය විහාරස්ථානයේ විහාරාධිපති පනංගල හේමාලෝක හිමියන් ඇතුළු සංචාරක ව්‍යාපාරයේ නිරත ප්‍රජාවගේ දැඩි විරෝධය ගාලු උරුමය පදනම වෙත එල්ල වූයේය.
ගාලුඋරුමය පදනමේ හිටපු අධ්‍යක්ෂකවරයකු වන එම්.එස්.එම්. චන්ද්‍රසිරි මේ පිළිබද අදහස් දක්වමින් මෙසේ කිවේය.
“ගාලු උරුමය පදනමෙන් මම අසනවා මොන රැස්විමේ දි ද මෙවැනි තීන්දුවක් ගත්තේ කියලා. මෙවැනි තීන්දුවලින් ලෝකඋරුම ගාලුකොටුවේ සංචාරක ව්‍යාපාරය නැත්තටම නැතිවෙනවා. යුරෝපිය රටවලින් දැන් වෙනදා වගේ විදේශිය සංචාරකයින් ගාලු කොටුවට එන්නේ නැහැ. ඉන්දියාව, මාලදිවයින, රුසියාව, චිනය ආදි රටවලින් කමයි විදේශිකයින් එන්නේ. ඒ අයගෙන් මෙම මුදල අයකරගන්න පුළුවන්ද?. රජය රටවල් කිහිපයක් සඳහා තින්දුවක් අරගෙන තියෙනවා. මෙරටට එන විදේශිකයින් විසා වලින් නිදහස් කරන්න. එහෙම තියෙද්දි ගාලු කොටුවට ඇතුළුවන විදේශිකයින්ගෙන් මුදල් අයකරන්න තීන්දු ගන්නවා. මේවා මොන විහිළු යෝජනාද?. ගාලු උරුමය පදනම මගින් ගනු ලැබු මෙම තිරණයට අපේ දැඩි විරෝධය පළකරනවා. වහාම මෙම තින්දුව හකුලාගන්න. “ යැයිද චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.
ගාලු උරුමය පදනමේ සභාපති නිලාන්කුරේ මෙසේ කිවේය.
“රජය මගින් තමය මෙම යෝජනාව ආවේ. අමාත්‍යංශයෙන් මේ සදහා පැහැදිලිව උපදෙස් ලැබිලා තියෙනවා. මම කියන්නේ නැහැ මේක ඉදිරියට ක්‍රියාත්මක කරණවා කියලා. ඒ ගැන අමාත්‍යංශය විසින් තින්දුවක් ගනිවි. මෙම යෝජනාව සම්බන්ධයෙන් එල්ලවි ඇති විරෝධය හා මාගේ නිර්දේශය සමග මම අමාත්‍යංශය වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කරනවා.” යැයි ද හෙතෙම සදහන් කළේය.