ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් 28 දා සිට වර්ජනයේ…

ලලිත් චාමින්ද –

ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්  28 වැනි දින සිට සිය රාජකාරිකටයුතුවලින් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගැනීමට තින්දුකොට ඇති බැව්  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ  ලේකම්  වෛද්‍ය මංජුල ද සොයිසා  පවසයි. 

ගාල්ල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති පවුසල් නියාස්   විසින් ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බ්‍රර්ටම් සිල්වා ට බැන තර්ජනය කිරිමේ සිද්ධිය  සම්බන්දයෙන් නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් ලිඛිතව සමාව ඉල්ලා  සිටියයුතු බවද  ඔහු පවසයි. 

ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් දෙදෙනා තවදුරටත්  නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සේවයට වාර්තා නොකර සිටිමට තින්දුකොට ඇති බව බවද හෙතෙමෙ පවසයි.  28 වැනිදින රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාලු දිස්ත්‍රික් ශඛාවේ සියලුම ශාඛා සංගම්, සමාජිකයින්ගේ සහභාගිත්වයෙන්  පවත්වන විශේෂ සාකච්ඡාවේදි  කරාපිටිය රෝහල ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම රෝහල්  තම සෞඛ්‍ය ආයතන මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට  සහයෝගය දක්වන අයුරු සාකච්ඡා කිරිමට නියමිතව ඇති බවද  ඔහු පවසයි.


රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාලුදිස්ත්‍රික් විධායක කමිටු විශේෂ සාකච්ඡාවේ දි මෙම තිරණවලට එළඹුන බවද  හෙතෙම පවසයි. වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබඳ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ද දැනුවත් කොට ඇති බවද ඔහු සදහන් කළේය..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 මේ පිළිබද දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ  ගේ ප්‍රධානත්වයෙන් අද (26) උදැසන 11.00ට  දේපාර්ශවයේ සහභාගිත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේ දි සාකඡාවක් පැවැත්විමට නියමිතව ඇත.

Exit mobile version