අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ල බන්ධනාගාරය තුළ පැතිරුණ මෙනින්ගොකොකල් මෙනින්ජයිටිස් රෝගයට සමාන රෝගයකින් ගාල්ලේ බිළිඳියක මිය යයි!

by editor
අගෝස්තු 27, 2023
in පුවත්
Meningitis-bacteria1
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද – ජයකාන්ත ලියනගේ – 

ගාල්ල බන්ධනාගාරය තුළ පැතිරි යෑමෙන් පසු සමාජයට නිරාවරණය නොවී මුළුමනින්ම පාලනය කළ බව කී මෙනින්ගොකොකල් මෙනින්ජයිටිස් රෝගී   තත්වයට  සමාන රෝග ලක්ෂණ වැළදිමෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගිය මාස අටක් වියැති බිළිඳියකගේ මරණ පරික්ෂණය පැවැත්වු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන  හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ   විසින්  මරණය සම්බන්ධ විවෘත තින්දුවක් දී   බිළිඳියගේ    රුධිර සාම්පල් හා පටක කොටස් වැඩිදුර පරික්ෂණ සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකොට දේහය නිදහස් කළේය.

උණ, ස්වසන අපහසුතා, බඩ බුරුල්කරීම, සිරුරේ  බිබිලි දැමීම යන රෝග ලක්ෂණ හේතුවෙන් මෙම බිළිඳිය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු  මියගොස් ඇත.

දේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ ( 26 )  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදි සිදුකරණු ලැබිය. මියගොස් ඇත්තේ ගාල්ල තනිපොල්ගහ ප්‍රදේශයේ පදිංචි බිළිඳියකි.

මෙම බිළඳියගේ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි  යු.ජි.ඩි ජයරත්නගෙන් අප කළ විමසුමකදි ඔහු මෙසේ පැහැදිලි කළේය.

“මෙම දරුවාට උණ, බඩඑලිය යෑම  මෙන්ම  සිරුරේ හැමතැනම වගේ බිබිලි දැමිම නිසා රෝහලට ඇතුළත්කොට තිබුණා. මෙනින්ගොකොකල්  මෙනින්ජයිටිස් රෝගි තත්වයට  සමාන රෝග ලක්ෂණ මේ දරුවාටත් වැළඳි තිබු නිසා ඇතිවු සැකය මත තමයි දරුවාගේ රුධිරය හා පටක කොටස් වැඩිදුර පරික්ෂණ සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකිරිමට කටයුතු කළේ.  නමුත් පරික්ෂණ ප්‍රථිපල ලැබෙන තෙක් මරණයට හේතුව නිශ්චිතවම කියන්න බැහැ.  බිළිඳා මියගියේ  මෙම රෝගි තත්වයෙන්ද නැතිනම් වෙනත් රෝගි තත්වයකින් ද කියා පරික්ෂණ ප්‍රතිඵල ලැබුණු පසු තමයි කියන්න පුළුවන් වන්නේ…”  යැයිද  සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ පිළිබද ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක  එස්.පි.යු.එම් රංගගෙන් කළ විමසුමකදි මෙසේ කිවේය.

“මෙම දරුවා රෝහලට ඇතුලත් කරලා සුළු වෙලාවකින් මිය ගියා. මරණයට හේතුව නිශ්චිතවම කියන්න බැහැ. මෙනින්ගොකොකල්  මෙනින්ජයිටිස් රෝගි තත්වය හේතුවෙන්  මෙම දරුවා මියගියාද කියලා සැක කරන්න පුළුවන්. නමුත් සැකයක් විතරයි තියෙන්නේ. “

“දරුවාට වැළිදි තිබු රෝග  ලක්ෂණ  අනුව  මෙනින්ගොකොකල්  මෙනින්ජයිටිස් රෝග ලක්ෂණවලට  සමාන ගතියක් තියෙනවා. නමුත් පරික්ෂණ ප්‍රතිඵල එනතෙක් මරණයට හේතුව නිශ්චිතවම කියන්න බැහැ. මේ දරුවාගේ පවුලේ අය  මෙම රෝගිය වැළිද තිබු රැඳවියන් සමග කිසිදු සම්බන්දතාවයක් පවත්වා නැති බවට තහවුරු වි තියෙනවා.” යැයිද රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිනුවන්ගොඩ මෙහෙණි ආරාමයෙන් තරුණ මෙහෙණියන් තිදනකු අතුරුදන් කිරීම – සැකපිට නුවරඑළියේදී කතක් අත්අඩංගුවට

Next Post

චීන පර්යේෂණ නැවට ලංකාවට එන්න අවසර!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.