සෙනසුරාදා, ජූනි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ල නගර සභාවේ බලය මාලිමාවට ගිය හැටි!

by editor
ජූනි 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත්චාමින්ද –

ගාල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ ඇල්විටිගල ඉහල ගමගේ සුනිල් මන්ත්‍රී ඡන්ද 19ක් ලබාගෙන අද(20) පැවති මංගල සභා රැස්විමේ දි තේරි පත්විය. උප නගරාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ප්‍රියන්ත සහබන්දු නිතරගයෙක් තේරී පත්විය.

ගාල්ල මහනගර සභාව නගර සභිකයින් 36 දෙනෙකුගෙන් සමන්විතය. මහනගර සභාවේ මංගල රැස්විම සදහා සභිකයින් 36 දෙනාම පැම්ණ සිටියහ. මැයිමස 06 වැනිදින පැවති පළාත් පාලන මැතිවරණයේ දි ජාතික ජනබලවේගය විසින් ගාල්ල නගර සභාවේ මන්ත්‍රිධුර 17ක් හිමිකරගනු ලැබිය. විපක්ෂයේ පක්ෂවලට හිමිවු මන්ත්‍රිධුර සංඛ්‍යාව 19කි. සමගි ජනබලවේගය මන්ත්‍රිධුර 09ක් හිමිකරගත් අතර එජාපය විසින් මන්ත්‍රිධුර 05ක් හිමිකර ගත්තේය. ශ්‍රිලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රිධුර 03ක් හිමිකරගෙන ඇති අතර පොදුජන එක්සත් පෙරමුණ විසින් මන්ත්‍රිධුර 02ක් හිමිකරගෙන තිබුණි. නගරාධිපතිවරයා පත් කිරීම සඳහා කිසිම පක්ෂයකට සියයට 50ක බහුතරයක් තිබුණේ නැත. බහුතරය ලබා ගන්නට අඩුම තරමින් මන්ත්‍රී ධූර 19ක කැමැත්ත ලබා ගත යුතුය. ඒ අනුව පනත අනුව තනි පක්ෂයක් ලෙස බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධූර 02ක් අඩුව තිබිණි.

ඡන්දය පැවැත්වුන හැටි

ගාල්ල මහනගර සභාවේ මංගල රැස්විම දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මැන්දිස්ගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරු 9.00ට ගාල්ල මහනගර සභාවේ සභා රැස්විම් ශාලාවේ දි පැවැත්විණි.

මෙහිදී ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ධුරයට සමගි ජන බලවේගය විසින් නාගරික මන්ත්‍රි මොහමඩ් මවුසුන් මොහමඩ් රෝෂාන්ගෙ නම යෝජනා කරනු ලැබීය. ජාතික ජන බලවේගය විසින් නගරාධිපති ධූර අපේක්ෂකයා ලෙස නාගරික මන්ත්‍රී ඇල්විටිගල ඉහළ ගමගේ.සුනිල්ගේ නම යෝජනා කරනු ලැබීය.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

නගරාධිපතිවරයා තෝරා ගනු ලබන්නේ රහස් ඡන්දයකින්ද විවෘත ඡන්දයකින්ද යන ඡන්ද ක්‍රමය තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වනු ලැබීය. එම ඡන්ද විමසීමේදී රහස් චන්දයක් පැවැත්වීම සඳහා සහිකයින් 19 දෙනකු ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය. විවෘත ඡන්දයක් පැවැත්වීම සඳහා සභිකයින් 17 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කරනු ලැබූහ.

මෙයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ සහ පොදු ජන එක්සත්පෙරමුණේ මන්ත්‍රීවරු 16 දෙනා සභාගැබෙන් පිටව ගියහ. මෙහිදී සභා ගර්භය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක්ද ඇති විය .එහෙත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභිකයින් තිදෙනා සභා ගර්භය තුළ රැඳී සිටියහ. දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස්වරිය විසින් සභා රැස්වීම විනාඩි 30කට කල් තබනු ලැබීය. නැවත සභා රැස්වීම ආරම්භ වීමෙන් පසු නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වනු ලැබීය. එම ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ ඇල්විටිගල ඉහළ ගමගේ සුනිල් ඡන්ද 19ක් ලබාගෙන නගරාධිපති ධුරයට පත්විය. එක් ඡන්දයක් ප්‍රතික්ෂේප විය.

ඉන් පසුව නියෝජ්‍ය නගරාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පිුයන්ත සහබන්දුගේ නම පොහොට්ටුවේ නාගරික මන්ත්‍රී නිහාල් මහාවිතාන විසින් යෝජනා කළ අතරපොහොට්ටුවේ නාගරික මන්ත්‍රීනි චම්පිකා හිමාලි විසින් එය ස්ථීර කරනු ලැබීය .ඒ අනුව නිතරඟයෙන් ගාල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ධුරයට ප්‍රියන්ත සහබන්දු තේරී පත්විය.

Share69Tweet43
Previous Post

හාමත් වූ ගාසා වැසියන්ගේ ආහාර පෝලිම්වලට වෙඩි තබා ඊශ්‍රයාලය පලස්තීන වැසියන් 16ක් ඝාතනය කරයි….

Next Post

කොළඹ ජාතික රෝහලේ  නියෝජ්‍ය  අධ්‍යක්ෂ ජනරාල් තනතුර  හොර පාරෙන් පුරවන්න උත්සාහයක්… රෝහල තුළින්ම විරෝධයක් මතුවෙයි!

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.