ගාල්ල ධීවර වරායේ පැරණි, භාවිතයට නොගත් බෝට්ටු කිහිපයක ගින්නක් නාවික හමුදාව සහ ගාල්ල මහ නගර සභා ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව විසින් මැඩ පවත්වා තිබේ.
ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදා කණ්ඩායමක් යෙදවු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් පැවසුවේය.
ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව ද ගිනි නිවන රථ දෙකක් එම ස්ථානයට යවා තිබිණි.
ගින්නෙන් පැරණි බෝට්ටු 04ක් දැවී විනාශ වූයේය. කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර, ගින්නට හේතුව තවමත් නිශ්චය කර නොමැති බව පොලිසිය පවසයි.







