මනම්පිටිය නිමල් ජයරත්න –
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ දෑකැත්ත ප්‍රදේශයේ හිසට වෙඩි වැදී මරණයට පත්ව ඇති ඇතින්නකගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (10) සිදුකරන බව වන ජීවී දෙපාර්තමේන්තුව පවසයි.
මෙම මළ සිරුර අටවෙනිදා සොයා ගැනීමට හැකි වූ මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ හේනානිගල පිවිසුම් අඩවී ආරක්ෂක් කාර්යාලය සඳහන් කරයි.
මෙම ඇතිනගේ හිසට වෙඩි පහරවල් කිහිපයක් වැදී ඇති සලකුණු දක්නට ඇති බවත්, ඇතින්න දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට හඳුනාගැනීමට හැකි වී තිබෙන්නේ යැයි හේනානිගල පිවිසුම් කාර්යාලයේ අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් අප කළ විමසීමකදී පැවසීය.
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා අම්පාර වනජීවී සහකාර කාර්යාලයට දැනුම් දී ඇති බවද, ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට කටයුතු කර ඇති බවද කුමාරසිරි විජයකෝන් කීවේය.







