ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී නීතිඥයෙකුට පහර දුන් බවට චෝදනා කර අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ පොලිස් නිලධාරියා ඇප මත නිදහස් කිරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළාය.
ඒ අනුව අදාළ කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැර තිබිණි.
මේ අතර පරුෂ වචනයෙන් බැන තර්ජනය කරමින් පොලිස් කොස්තාපල්වරයාගේ රාජකාරියට බාධා සම්බන්ධයෙන් එම සිද්ධියට සම්බන්ධ නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ඔහු මේ වනවිට පොලිසිය මගහැර සැඟවී සිටින බවත් පොලිසිය කීවේය. .
මාධ්‍ය කළ විමසීමක දී පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි අදාළ නීතිඥවරයාගේ නිවසට පොලිසිය පැමිණි අවස්ථාවේ ඔහු නිවසේ සිට නොමැති බවය.







