අද සහ හෙට (23) යන දින දෙක තුළ දී පමණක් මෙම සතියට අදාළ පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජනබලවේගය විසින් ඉදිරිපත්කරන විශ්වාසභංග යෝජනාව ද අද කථානායක මහින්ද යාපා අබේවර්ධනට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ. විශ්වාසභංගය ගෙන එන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිවය.
එමෙන්ම අද උදෑසන පාර්ලිමේන්තුව පිවිසීමේ දී සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් විරෝධතාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.