ගම්මන්පිලගේ විශ්වාසභංගයෙන් පසු ගම්මන්පිල, විමල් කැබිනට් තනතුරුවලින් විසිවෙන අනතුරක…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නුදුරේදීම සිදු කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී රජයේ ප්‍රමුඛ පෙළේ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනක්වන විමල් වීරවංශගේ සහ උදය ගම්මන්පිලගේ අමාත්‍ය ධුර ඉවත් කිරීම සම්බන්ධයෙන් යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

මේ වනවිටත් රජයේ ප්‍රධාන පක්ෂයවන ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමඟ මතවාදී ගැටුමක පසුවන මෙම අමාත්‍යවරුන් දෙදෙනා එලෙස ඉවත් කිරීම සම්බන්ධයෙන් යෝජනා වී ඇති අතර ඉදිරි දෙසතිය තුළ සිදු කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳ ව මේ වනවිට සිදුවන සාකච්ඡාවලදී මෙසේ යෝජනා වී ඇත.

සම්පූර්ණ අමාත්‍ය මණ්ඩලයේ ම සංශෝධන සිදු කිරීම පසුගියදා මුදල් අමාත්‍ය ධුරයේ බැසිල් රාජපක්ෂ දිවුරුම් දීමෙන් පසු වහාම සිදු කිරීමට නියමිතව තිබුණද එය ලබන 19 වැනිදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිත බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගේ විශ්වාස භංග යෝජනාවෙන් අනතුරුව සිදු කිරීමට තීරණය වී ඇත.

පොදුජන පෙරමුණේ ප්‍රබලයින්ගේ අදහස වී ඇත්තේ සුළු පක්ෂ නියෝජනය කරන ගම්මන්පිල හා විමල් අසාමාන්‍ය ලෙස රජයේ කටයුතු තම පාලනයට හැරවීමේ උත්සාහය මර්දනය කළ යුතු බවය.

ඔවුන් වෙනුවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් වෙන් නොවී රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳවද අවධානය යොමුව ඇති අතර ඔවුන්ට වගකීම් සහිත ඇමති ධුර ලබා දී ඔවුන් රඳවා ගැනීම වඩාත් ඵලදායී බව මෙම සාකච්ඡාවලදී යෝජනා වී ඇත.

එසේ වුවද මෙම අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව නිශ්චිත තීරණයක ට එලඹ නැති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද මෙම සංශෝධන සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කරනු ඇති බවත් ලංකාසරට කරුණු අනාවරණය කළ ආරංචි මාර්ග තවදුරටත් පැවසීය.

Exit mobile version