ගම්පහ රන්ජන් ලංකා සේවක සේවිකාවන් 10කට කොවිඩ් ආසාදනය වෙලා…

ගම්පහ රන්ජන් ලංකා ආයතනයේ සේවිකාවන් 10 දෙනෙක් හා දුරකථන අලෙවිසල් දෙකක සේවකයින් 10ක් කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීම නිසා එම ආයතන වසා දමා තිබේ.

පසුගිය 28 වැනිදා ගම්පහ නගරයේ සිදුකළ අහඹු ප්‍රතිදේහ පරීක්ෂණවලින් පසු පසුගිය 30 දා කළ පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තා ඊයේ (02) සවස නිකුත් වීමත් සමග මේ ආසාදිතයන් හඳුනාගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට ආයතන වසා දමා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්  සොයමින් සිටින බවත් මේ වකවානුව තුළ ගම්පහ රන්ජන් ලංකා සුපිරි වෙළඳ සංකීර්ණය තුළ සැරිසැරූ අයවලුන් පරීක්ෂාකාරීවන ලෙසත් සෞඛ්‍ය අංශ දන්වා සිටී.


Exit mobile version