ගම්පහ රන්ජන් ලංකා ආයතනයේ සේවිකාවන් 10 දෙනෙක් හා දුරකථන අලෙවිසල් දෙකක සේවකයින් 10ක් කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීම නිසා එම ආයතන වසා දමා තිබේ.
පසුගිය 28 වැනිදා ගම්පහ නගරයේ සිදුකළ අහඹු ප්‍රතිදේහ පරීක්ෂණවලින් පසු පසුගිය 30 දා කළ පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තා ඊයේ (02) සවස නිකුත් වීමත් සමග මේ ආසාදිතයන් හඳුනාගෙන තිබේ.
මේ වනවිට ආයතන වසා දමා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයමින් සිටින බවත් මේ වකවානුව තුළ ගම්පහ රන්ජන් ලංකා සුපිරි වෙළඳ සංකීර්ණය තුළ සැරිසැරූ අයවලුන් පරීක්ෂාකාරීවන ලෙසත් සෞඛ්‍ය අංශ දන්වා සිටී.