ගම්පහ පී.සී.ආර්. නවත්වයි…

එන්නත්කරණයට මුල් තැන දෙන්න... සෞඛ්‍ය නිලධාරීන්ගෙන් උපදෙස්...

කීර්ති ප්‍රනාන්දු –

පී.සී.ආර්. වාර්තා නිකුත් කරගත නොහැකි තරමින් වෛද්‍ය රසායනාගාරවල සාම්පල ගොඩ ගැසී ඇති බවත්, සමහර පී.සී.ආර්. සාම්පල කල් ඉකුත් කර ඇති නිසා ප්‍රතිඵල නිවැරිද වීමේ සම්භාවිතාව අඩු බවත් දන්වා සියලුම පී.සී.ආර්. පරීක්ෂණ නවත්වා එන්නත්කරණයට ප්‍රමුඛස්ථානයක් දෙන ලෙස ගම්පහ සෞඛ්‍ය බලධාරීන්ගෙන් ක්ෂේත්‍ර සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් ලැබී ඇතැයි වාර්තාවේ.

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 තුළ පසුගිය 06 වැනදාට සිට මේ දක්වා පී.සී.ආර්. වාර්තා 2000කට අධික ප්‍රමාණයක් පැමිණ නැති බව එම ආරංචි මාර්ග පවසයි.

“ මේක හරිම අවුලක්. සමහර මිනිස්සු දවස් 18කටත් වඩා කාලයක් ගෙවල් ඇතුළෙ නිරෝධායනය වෙනවා. මේ අය අපට කතා කරලා අහනවා දැන් අපේ නිරෝධායන දවස් 14 හරි මොකද කරන්නෙ කියලා. පී.සී.ආර්.වාර්තා ඇවිත් නෑ. ඒ නිසා ඒ අයට යන්න දෙන්න බෑ. ඉහළින් දෙන උපදෙසත් පී,සී.ආර්. වාර්තා එනකම් නිරෝධායනය කරන්න කියලා. මිනිස්සු හරිම පීඩනයක ඉන්නෙ. ඒ පීඩනය පිටවෙන්නෙ අපේ පිටින්.“ ක්ෂේත්‍ර සෞඛ්‍ය නිලධාරියෙක් ලංකාසරට පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂණ කිරීම අත්හිටුවා ඇතැයි ද එම ආරංචි මාර්ග තහවුරු කළේය.

Exit mobile version