ගම්පහින් පමණක් කොවිඩ් දත්තවලට ඇතුළත් නොවන දෛනික ආසාදිතයන් 350ක්

කීර්ති ප්‍රනාන්දු – 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගම්පහ දිස්ත්‍රික්කය තුළ දත්ත සඳහා නිල වශයෙන් ඇතුළත් නොවන කොවිඩ් ආසාදිතයන් 350කට ආසන්න ප්‍රමාණයක් දිනපතා වාර්තා වන බව කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති එස්.ටී.යූ.ටී. කුලතිලක ලංකාසරට පැවසීය.

ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15න් පිට ආයතනික වශයෙන් හෝ පුද්ගලිකව සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සහ පී.සී.ආර් පරීක්ෂණවලින් තහවුරු වූ රෝගීන් මෙසේ එස්.එම්.එස්. මගින් තම තත්වය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත දන්වමින් ඇතැයි ඔහු කීය.

මෙම පිරිස සම්බන්ධව වෛද්‍ය පරීක්ෂණ සිදුකළ පරීක්ෂණාගාරවලින් මෙතෙක් රෝගියා ජීවත්වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය දැනුම්වත් කළ ද මෑතක සිට එම ක්‍රමවේදය අනුගමනය නොකෙරෙන බව ද උප සභාපතිවරයා පැහැදිළි කළේය.

Exit mobile version