අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගබ්සාවකට අකමැති වූ වෛද්‍යවරියකට විශේෂඥ වෛද්‍යවරයා වාට්ටුව මැද පහර දීලා…

by editor
නොවැම්බර් 2, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රසූත නිවාඩු ලබා දිය නොහැකි නිසා දරු ගැබ ගබ්සා කරන්නැයි බලපෑම් කළ විට එය ප්‍රතික්ෂේප කළ තරුණ වෛද්‍ය වරියකට රෝහල් වාට්ටුව තුළ පහර  දුන්  විශේෂඥ  වෛද්‍යවරයෙකු සම්බන්ධව කරාපිටිය රෝහලින් වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධව එම වෛද්‍යවරිය   විසින් ගාල්ල ළමා හා කාන්තා කාර්යංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.

මෙම තරුණ වෛද්‍යවරිය එක් දරු මවකි.  එම වෛද්‍යවරිය කරාපිටිය රෝහලේ මෙම විශේෂඥ වෛද්‍යවරයාගේ වාට්ටුවට පත් වී පැමිණි දිනම ඇයව ඇමතූ වෙද්‍යවරයා ඇයට කියා ඇත්තේ ගැබ් ගැනීමකට නොයන ලෙසත්, ප්‍රසූත නිවාඩු ලබා දිය නොහැකි බවත්, ගැබ් ගැනීම් වලක්වා ගැනීම සඳහා එල්.ආර්.ටී. සැත්කමක් කරගන්නා ලෙසත්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වෛද්‍ය විද්‍යාලයේ සිටි අවධියේ සිට දාමරික ක්‍රියාවන් පිළිබඳ ඉතිහාසයක් ඇතැයි කියන මෙම විශේෂඥ වෛද්‍යවරයා පොලිසිය හා ප්‍රදේශයේ බලවතුන් සමග  පවත්වාගෙන යන ලඟ ඇසුර නිසා ඔහුගෙන් සිදුවන මානව හිමිකම් උල්ලංඝණය වීම් සම්බන්ධව සාධාරණයක් ඉටු වී නැති බවත්, රෝහල් කාර්ය මණ්ඩලය මේ පුද්ගලයාගේ හැසිරීමට එරෙහි වී ගැටලු ඇති කර නොගැනීමේ ප්‍රතිපත්තියක සිටින බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් මේ තරුණ වෛද්‍යවරිය දෙවන වර ගැබ් ගත් බව සැලවූ  වහාම කුපිත වූ මෙම විශේෂඥ වෛද්‍යවරයා වාට්ටුව මැද අශික්ෂිත ලෙස ඇයට බැණ වැදී ඇයට ප්‍රසූත නිවාඩු ලබා  දිය නොහැකි බව කියා වහාම දරුගැබ ගබ්සා කරගන්නා ලෙස අණ කර තිබේ. එය ප්‍රතික්ෂේප කළ විට   වෛද්‍යවරයා විසින් ඇයට පිරිස මැද දී වේගවත් කම්මුල් පහරක් එල්ල කර ඇත. ඒ පහර කාගෙන වෛද්‍යවරිය උන් තැනින් දිවගොස් තිබේ.

මේ සම්බන්ධව වෛද්‍යවරිය විසින්  ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර ඇත. පැමිණිල්ල විභාග කිරීම සඳහා පැමිණි පොලිසිය මේ වෛද්‍යවරිය තනිවම කැඳවා ඇත්තේ ඇයට පහර දෙන විට ඊට එරෙහි නොවූ රෝහල් කාර්ය මණ්ඩලය  හා විශේෂඥ වෛද්‍ය වරයා ඉදිරියට බව රෝහල් ආරංචි මාර්ග කියයි.

මේ සම්බන්ධව මෙම වෛද්‍යවරිය  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පැමිණිලි කළ බවත් එම සංගමයේ  නිලධාරීන් පිරිසක් විශේෂ විමර්ශනයක් සඳහා කරාපිටිය රෝහලට ගිය අවස්ථාවේත් මෙම වෛද්‍යවරයා ප්‍රචණ්ඩව හැසිරුණු බවත් එම සංගමයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

මේ පිළිබඳ  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් සොනාල් ප්‍රනාන්දු පැවසුවේ මෙම වෛද්‍යවරයා සම්බන්ධව මෙසේ වාර්තා වන්නේ මුල්ම සිදුවීම නොවන බවත්,  සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල් වරයාටත්, පොලිසියටත්, පොලිස්පතිවරයාටත් මේ සිද්ධිය සම්බන්ධව ලිඛිතව දැන්වූ  බවත්ය.

මෙවැනි වෛද්‍යවරුන්ට එරෙහිව විනය ක්‍රියාත්මක නොකරන බලධාරීන්ට එරෙහිව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සඳහා නොයන්නේ රටේ පවතින තත්වය පිළබඳ සලකා බලා බව කී ඔහු මේ වනවිට වින්දිත වෛද්‍යවරිය එම වාට්ටුවෙන් ඉවත් කරගැනීමට සංගමය ක්‍රියා කර ඇති බවත් කීවේය.

මේ අතර පහර කෑ වෛද්‍යවරියට විශේෂඥ වෛද්‍යවරයා සමග සමාදානයට පැමිණෙන ලෙස පොලිසිය පාර්ශවයෙන් යෝජනාවක් පැමිණ ඇතැයි වාර්තා වේ.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් ආසාදිතයන් 164ක් වාර්තා වෙයි….

Next Post

කොවිඩ් නීති කඩා පූජාවක් තැබූ පූජකයා සහ බැතිමතුන් 18ක් නිරෝධායනයට..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.