සංජීව කුමාර සමරත්න හෙවත් ගණේමුල්ලේ සංජීවට වෙඩිතැබීමේ සිද්ධිය පිළිබඳව ඔහුගේ ආරක්ෂාව සඳහා යොදවා තිබූ බන්ධනාගාර නිලධාරීන්ගේ හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වයත් මුල් කරගෙන පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස අගතියට පත් පාර්ශව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අද අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
නීතිඥවරු මේ පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ඉදිරියේ ඉල්ලා සිටියේ අද (28) ගණේමුල්ලේ සංජීවගේ ඝාතනය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණ වාර්තාවට අදාල නියෝගය ප්‍රකාශ කළ අවස්ථාවේ දී ය.
අද මියගිය සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීවගේ සහෝදරිය වන දිල්රුක්ෂි සමරරත්න නමැත්තිය ද අද සාක්ෂි ලබා දුන්නාය.
කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් ඇය මෙසේ පැවසුවාය.
“සංජීව මගේ මල්ලි. මේ සිද්ධියට පෙර ඔහු හිටියේ බූස්ස බන්ධනාගාරයේ. සතියට දෙවතාවක් මම මල්ලි බලන්න බන්ධනාගාරයට යනවා. ඔහුට තිබෙන නඩු ගැන මට දැනීමක් නැහැ.
පසුගිය 19 වැනිදා ඔහුව නඩුවක් සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ බව මා දැන සිටියේ නෑ. එදා පෙරවරු 10.30ක් 11.00 විතර මට කෝල් එකක් ආවා. මල්ලිට වෙඩි තියලා කියලා කිව්වා. ඒ එක්කම මම ලෝයර් ලක්ෂ්මන් පෙරේරාට කතා කළා. එයා කිව්වා වෙඩිතිබ්බා කියලා ආරංචි කියලා. පසුව උසාවියේදී වෙඩි වැදුණු බව මම දැනගත්තා.
පසුගිය 20වනදා කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයට සහභාගි වුණා. එහිදී මියගිය තැනැත්තා සංජීව කුමාර සමරත්න කියලා මම හඳුනාගත්තා. පසුව කෙසෙල්වත්ත පොලීසියට ප්‍රකාශයක් ලබාදුන්නා. පසුව මමයි අම්මයි මෘත දේහය බාරගත්තා” යනුවෙන් සාක්ෂි දෙමින් සඳහන් කළාය.
නඩුව යළි මාර්තු මස 07 වනදා කැඳවීමට නියමිතය.







