වෙඩිතැබීමක් නිසා පපුවට, බෙල්ලට සහ උදරය ඇතුළු ප්‍රදේශයට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් ගණේමුල්ල සංජීවගේ මරණය සිදුවී ඇතැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (28) තීන්දු කළාය.
ඝාතන සිද්ධිය පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අවසානයේදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කළාය. මහේස්ත්‍රාත් පරීක්ෂණය දින 04ක් පුරා පැවැත්විනි.
පරීක්ෂණයේදී ඉදිරිපත් වූ නිරීක්ෂණ සහ කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලය විසින් ඉදිරිපත්කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සලකා බලා තමන් මෙම තීරණයට එළැඹුණු බව මහේස්ත්‍රාත්වරිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසුවාය.
ඉන් අනතුරුව ලියාපදිංචිය සඳහා මරණයට අදාළ සහතිකය නිකුත් කරන ලෙසත් ඇය නියෝග කළාය.
එමෙන්ම නඩුව යළි මාර්තු මස 07 වනදා කැඳවීමටද මෙහිදී නියෝග කෙරුණි.







