බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔබ පාතාල අපරාධකරුවාගේ නම කියන්න… පසුපස ඉන්න දේශපාලකයා මම කියන්නම්… ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි…

by editor
පෙබරවාරි 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

නීත්‍යානුකූල රාජ්‍යයට යටින් තිබෙන අපරාධ රාජ්‍යය ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් අවසන් කරනු ලබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. මේ පාතාල අපරාධකරුවන් හැදී වැඩුනේ දේශපාලන රැකවරණය යටතේ බව කී ජනාධිපතිවරයා විපක්ෂයට මෙසේ කීවේය. 

“ඔබ ඕන සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ නමක් කියන්න… ඒ පසුපස ඉන්න දේශපාලකයා ගැන මම කියන්නම්…”

ඉතිහාසයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූයේ ජාතිවාදය සහ අන්තවාදය බවත්, ශ්‍රී ලංකාව තුළ නැවත ජාතිවාදයට හෝ අන්තවාදයට හිස එසවීමට වත්මන් ආණ්ඩුව ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

නව නීති රාමුවක් හරහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට රජය සූදානම් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක කියා සිටියේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස අද (28) පාර්ලිමේන්තුවේදී 2025 අයවැය විවාදයේ කාරක සභා අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යාංශය, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශවල වැය ශීර්ෂය පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව සිදු කරමිනි.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ආර්ථික අර්බුදයක් හෝ රට තුළ ආරක්ෂාව නැති බවට චිත්‍රයක් මවා හෝ මහජන කැලඹීමක් ඇති කර හෝ ආණ්ඩුව බිඳ දැමීමේ විපක්ෂයේ සිහිනයට කිසිදා ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

වත්මන් රජය අශිෂ්ටත්වයේ යුගය අවසන් කර, ශිෂ්ටත්වයේ මාර්ගය සකස් කර ඇති බවත්, හැකි නම් වත්මන් රජයේ ශිෂ්ටත්වය අබිබවා යන ලෙසත් ජනාධිපතිවරයා විපක්ෂයට අභියෝග කළේය.

එසේ නොමැතිව පැරණි දේශපාලනයේ සිටීමෙන් දේශපාලන ෆොසිල බවට පත්වීම වැළැක්විය නොහැකි බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

යටිබිම්ගත අපරාධ රාජ්‍යයේ අපරාධ කල්ලිවලට වත්මන් ආණ්ඩුවේ කිසිදු මන්ත්‍රීවරයෙකුගෙන් ආශිර්වාදයක් නොලැබෙන බවද ජනාධිපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකා හමුදාව සහ පොලිසිය වෘත්තීමයභාවයක් ඇති හමුදාවක් සහ පොලීසියක් බවට පත් කරන බව පැවසු ජනාධිපතිවරයා ආරක්ෂක අංශයේ කිසිදු පත්වීමක් හෝ ස්ථාන මාරුවක් හිතවත්කම් මත හෝ දේශපාලනිකව සිදු කර නොමැති බවද සඳහන් කළේය.

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට සේවා දිගු හතක් ලබා දී ඇති බවත්, හිතවතුන්ට හෝ මිතුරන්ට ලබාදෙන පත්වීම් සමග අලුත් ගමනක් යා නොහැකි බැවින් නව පත්වීම් සිදු කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

පුද්ගලයාට පක්ෂපාතී හමුදාවක් වෙනුවට රාජ්‍යයට පක්ෂපාතී හමුදාවක් නිර්මාණය කිරීමටත් එම හමුදාවේ වෘත්තිමයභාවය වැඩිදියුණු කිරීමටත් වත්මන් රජය කටයුතු කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

කාලයේ වැලිතලාවෙන් යට වී තිබෙන අපරාධවලට යුක්තිය සහ සාධාරණය ඉටු කිරීමට වත්මන් රජය කටයුතු කරන බවත්, ඒ සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.

ආරක්ෂක ක්ෂේත්‍රයේ ව්‍යුහයේ විශ්වාසය මත ශිෂ්ටත්වය ගොඩනැගෙන බවද සඳහන් කළ ජනාධිපතිවරයා අශිෂ්ටත්වයේ පතුලටම ගොස් තිබෙන මෙම රාජ්‍ය නැවත ශිෂ්ටත්වය කරා ගෙන යාමට වත්මන් රජය කටයුතු කරන බවද සඳහන් කළේය.

ආර්ථික අර්බුදයක් ඇති කර බලය ලබා ගැනීමේ විපක්ෂයේ සිහිනය මේ වන විට අවසන් වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාව පිළිබඳ අර්බුදයක් මවා පාමින් ආණ්ඩු බලය ලබා ගැනීමට විපක්ෂය දැන් යම් උත්සාහයක සිටින්නේද යන්න සැක සහිත බවද සදහන් කළේය .

මෙම මාසයේදී සිදු වූ අපරාධ පහ පිළිබඳ විමර්ශනය කරන විට එය අපරාධ කල්ලි පහකින් සිදුව තිබෙන බවත් පරීක්ෂණ සිදු වන විට තම දිශාවට පරීක්ෂණ යොමු වන බව අපරාධකරුවන් හඳුනා ගන්නා බවත්, එම අපරාධ කල්ලි කිහිපයක් එකම අවස්ථාවක ක්‍රියාත්මකවීම කුමන්ත්‍රණයක්දැයි සැකයක් පවතින බවත් ජනාධිපතිවරයා හෙළි කළේය. මෙම කුමන්ත්‍රණ හඳුනා ගනිමින් ඒවා මර්දනයට රජය පියවර ගන්නා බවද ජනාධිපතිවරයා පැවසීය. කුමන්ත්‍රණවලින් ආණ්ඩු බලය හුවමාරු කළ යුගය අවසන් බවත්, ශිෂ්ටත්වය මතින් ආණ්ඩුවක් නිර්මාණය කළ හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රාජ්‍ය ආයතන සහ දේශපාලන අධිකාරිය අපරාධ කල්ලිවලින් වියුක්ත කරන සමාජයක් ගොඩනගන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ආරක්ෂක අංශවලට විදේශ පුහුණුව සඳහා ලබා දෙන දීමනා වැඩි කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර තිබේ. ගුවන් හමුදාවට හා නාවික හමුදාවට අවශ්‍ය යානා මිලදී ගැනීම සඳහා අයවැය මගින් ප්‍රතිපාදන වෙන්කර ඇති අතර පොලිස් දෙපාර්තමේන්තුවට පහසුකම් ලබා දීමට රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියේය. ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට නව බඳවා ගැනීම් සඳහා මුදල් වෙන් කර ඇති බවත් ගුවන් හමුදාවට සහ පොලිසියට 10,000 බැගින් බඳවා ගැනීමට මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගණේමුල්ල සංජීවගේ නීතිඥවරු ආරක්ෂාවට සිටි STF සහ බන්ධනාගාර නිලධාරීන් ගැන විමර්ශනයක් ඉල්ලති!

Next Post

මාසික ඉන්ධන මිල සංශෝධනය මෙවර සිදුවන්නේ නෑ….

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.